ශී‍්‍ර ලංකාවේ රැදී සිටි පකිස්තාන සරණගාතයින් ආපසු හරවා යැවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද මහකොමාරිස් කාර්යාලය ඉකුත්දා කළ ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂේප කරමින් ඔහු එබව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදීය.
එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද මහකොමසාරිස් කාර්යාලය ප‍්‍රකාශ කර තිබුණේ මෙම මාසයේ පළමු දින 5 ඇතුළත පමණක් පකිස්තාන සරණාගතයින් 36 දෙනෙකු ශී‍්‍ර ලංකාවෙන් පිටුවහල් කර ඇති බවයි. එසේ කිරීම අන්තර්ජාතික නීතියට අනුවද, සම්ප‍්‍රදායට අනුවද වරදක් බව ඔවුන් කියා තිබිණ.
රජය වෙනුවෙන් මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දැක්වූ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් මෙසේ පැවසිය.
'' එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ කියන එක සම්පූර්ණයෙන්ම වැරදියි. 1951 එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියේදී අපි ඒකට කොටස්කරුවන් නෙවෙයි. දෙවැනි කරුණු තමයි තව කතාවක් කියනව සම්ප‍්‍රදායක් අනුව කිරීම වැරදියි කියලා. ඉතින් සම්ප‍්‍රදායක් කියන එක අපිට පිළිගන්න දෙයක් නෙවෙයි. මොකද මේකට තියෙනවා අත්සන් කරන ලද ලිඛිත එකඟතාවයක්. අපි ඒකේ කොටස්කරුවන් නෙවෙයි. ලංකාවේ පොදු නීතිය තමයි දවස් 30කට හෝ මාස 3කට සංචාරකයන් ලෙස ලබාගන්නා වීසා තුළින් ඔවුන් ලංකාවට පැමිණෙනවා. ඒ ලංකාවට පැමිණියහම ඔවුන් ඊට වැඩිපුර හිටපු අය පිටත් කර හරිනවා. ''
එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද මහකොමසාරිස් කාර්යාලය කුමන අදහස් පළ කලද ශී‍්‍ර ලංකාවේ රැඳීසිටින පකිස්තාන සරණාගතයින් හරවා යැවීම සම්බන්ධයෙන් පකිස්තාන ආණ්ඩුව මේ දක්වා කිසිදු විරෝධයක් පළ කර නැතැයිද ඇමතිවරයා කියා සිටියේය.
සරණාගතයින් පිටුවහල් කිරීම වළක්වාලන අන්තර්ජාතික ගිවිසුමට ශී‍්‍ර ලංකාව අත්සන් තබා නැතැයිද ගිවිසුමක් පවතින අවස්ථාවක සම්ප‍්‍රදාය සැලකිල්ලට ගතයුතු නොවන බවද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
Leave a comment
Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...