මේ සම්බන්ධයෙන් ලංකා ඩේලි වෙත අදහස් දක්වමින් මහාචාර්ය අෂු මාරසිංහ මහතා පවසන්නේ විපක්ෂ නායකවරෙයාට ස්වාධීන ෆෙස් බුක් පිටුවක් පවත්වා ගෙන යාමට නිදහසක් තිබිය යුතු බවයි.
වැඩිදුටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දෙන්නේ එයට බාධා අැති කිරීම සදාචාර විරෝධී කුමන්ත්රණකාරී කි්රයාවක් මෙන්ම සමාජ ජාල සම්ප්රධාය බිදීමක්ද වන අතර මේ කුමන්ත්රණකාරී තත්වය පිළිබද පැමිණිලි කිරීමට සූදානම් වන බවයි.
ඊයේ විවෘත කළ ඒ් ෆේස් බුක් පිටුව ”රනිල් වික්රමසිංහ නැෂනල් ලීඩර්” නම් වේ.
එම අවස්ථාවට එජාප මහ ලේකම් තිස්ස අත්තනායක, නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය, ජාතික සංවිධායක දයා ගමගේ, බස්නාහිර පළාත් විපක්ෂ නායක මංජු ශ්රී අරංගල, මහාචාර්ය අෂු මාරසිංහ යන මහත්වරුද සහභාගී විය.
පහත දැක්වෙන්නේ රනිල් වික්රමසිංහ මහතාගේ නිල ෆේස් බුක් පිටුවේ සබැඳියකි.
නිල ෆේස් බුක් පිටුව බලන්න මෙතනින්