පෞද්ගලික දොස්තරලා ගැන හොයන්න රජයේ දොස්තරලා කියති

Published in පුවත්
Friday, 15 August 2014 14:07
පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ පනතේ ඇති අඩුපාඩුකම් නිසා ඇමෙරිකානු රටේදී සිදුකළ ප්‍රතිකාර කටයුතු ඇතුළු විවිධ කරුණු සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පුද්ගලයෙකුට මෙරට රූපලාවන්‍යාගාරයක් පවත්වා ගෙන යාමට අවස්ථාව ලැබී ඇතැයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි. 
 
ඔවුන් මේ බව පවසා සිටියේ ඊයේ(14) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
 
මෙම පුද්ගලයාට ඇති චෝදනා පිළිබඳව මෙන්ම  ප්ලාස්ටික් සැත්කම් පිළිබඳව විශේෂඥවරුන් සියළුම දෙනා එකතු වී 2011 වසරේ පැමිණිළි කළත් එම පැමිණිල්ලට අනුවවත් කටයුතු නොකිරීම හේතුවෙන් රජයේ රෝහලක සේවය කළ වෛද්‍යවරියකට පවා ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ බව එම සංගමය පෙන්වා දෙයි.
 
වැඩිදුරටත් අදහස් දක්වමින් එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පෙන්වා දෙන්නේ පනතේ ඇති අඩුපාඩු කම් නිසා රූපලාවන්‍යාගාරයක් තුල සැත්කම් කිරීමට පවා අවස්ථාව උදා වී තිබෙන බවත් එහෙත් කාමරයක් සැත්කම් කිරීම ස්ථානයක් බවට පත් කළ නොහැකි බවය.
 
වසර 2008 වසරේදී පෞද්ගලික රෝහල් නියාමනය කිරීම පනත එළිදැක්වූ මොහොතේම එහි අඩුපාඩු පිළිබඳව ජනාධිපතිවරයා සමග සිදුකළ සාකච්ඡාවකදී එය නිවැරදි කළ යුත් ආකාරය පිළිබඳව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ලබා දුන් යෝජනා ඇතුලත් කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශයට නියෝග ලබාදුන්නද එම නියෝගය ක්‍රියාත්මක වී නොමැත. 
 
ඒ හේතුවෙන් පෞද්ගලික රෝහල් වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සුදුසුකම් පිළිබඳව සොයා ගැනීමට රජයේ රෝහල් වල සේවය කරන වෛද්‍යවරයෙකුටවත් නොහැකි වී තිබෙන බැවින් පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ පනත වහාම ශක්තිමත් කරන ලෙස  එම සංගමය ඉල්ලා සිටී
 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us