සභාපති උපුල් ජයසූරිය පවසන පරිදි තමා රජයෙන් පොලිස් ආරක්ෂාව ඉල්ලූ බවත් ලබා දී ඇත්තේ බුද්ධි අංශ ආරක්ෂාව බවත්ය.
උසාවිය මගින් ද තමාට පොලිස් ආරක්ෂාවක් ලබා දිය යුතු බවට තීරණය කොට තිබියදී පොලිස්පති වරයා මෙසේ කරන්නේ කුමණ අරමුණකින්දැයි ඔහු ප‍්‍රශ්න කර සිටියේය.
නීතිඥ සංගමයේ සභාපති වශයෙන් තමා සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක වෙන්නේ මේ ආකාරයෙන් නම් රටේ නීතිය කෙබඳු තත්වයක පවතින්නේ දැයි හිතාගත හැකි බව ඔහු වැඩි දුරටත් පවසා සිටියේය.
නීතිඥ සංගම් ශාලාවේ ඊයේ (15) පැවති පුවත්පත් සාකච්ඡාවේදී උපුල් ජයසූරිය මහතා මේ බව පවසා සිටියේය.