ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යන්නේ නම්, ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම පක්ෂවල එකඟතාව තිබිය යුතු බව සඳහන් කළ ඇමැතිවරයා, ජාතික නිදහස් පෙරමුණ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ බව සඳහන්
කළේ ය.
කෙසේ වුව ද ජාතික නිදහස් පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්සන් කළ අවබෝධතා ගිවිසුම ඉදිරියේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවට ඉදිරිපත් කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවැසීය.