රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරියක් මියයාම හේතුවෙන් ඇයට ප්‍රතිකාර කළ වෛද්‍ය නිමල් ගමගේ නමැත්තා හා ඔහුට අයත් බම්බලපිටියේ පිහිටි ආයතනය ගැන 2011 වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය සංගමය මඟින් කර ඇතැයි කියන පැමිණිලි පිළිබඳව විභාග නොකළේ මන්ද යන්න පිළිබඳව සොයා බලා සතියක් තුළ වාර්තාවක් තමා වෙත ඉදිරිපත් කරන ලෙසට ද සෞඛ්‍ය අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
ඉදිරියේදී මේ ආයතන පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය පුළුල් විමර්ශනයක් කරන අතරම මෙවැනි වැටලීම් සඳහා මහජන සහයෝගය ලබාදෙන ලෙස ද ඇමැතිවරයා ඉල්ලා සිටී.
රූපලාවණ්‍යාගාර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැනට තිබෙන නීති ප්‍රමාණවත් නොවන නිසා එම නීති සංශෝධනය කිරීමට හෝ අලුතින් නීතිගෙන ඒමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති අංශයට උපදෙස් ලබාදී ඇත.
Leave a comment