නූඩ්ල්ස් කන්නේ බලාගෙනයි !

Published in පුවත්
Saturday, 16 August 2014 12:32

ක්ෂණික නූඩ්ල්ස් ආහාරයට ගැනීම හෘදයාබාධ, දියවැඩියාව සහ ආඝාතය වැනි රෝග ඇතිවීමට හේතු වන බව ඇමෙරිකානු විද්‍යාඥයින් පිරිසක් සොයාගෙන ඇත.

සතියකට දෙතුන්වතාවක් ක්ෂණික නූඩ්ල්ස් ආහාරයට ගැනීම මෙවැනි රෝගාබාධ ඇතිවීමේ ප්‍රවණතාව වැඩි කරන බව මේ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මෑතක සිට ආසියානු රටවල ක්ෂණික නූඩ්ල්ස් හා රමෙන් නම් නූඩ්ල්ස් වර්ගයේ පරිභෝජනය ඉහළ ගොස් ඇති අතර මෙවැනි ක්ෂණික ආහාර අධික ලෙස පරිභෝජනය කරන දකුණු කොරියාවේ හෘදය රෝගීන් සංඛ්‍යාව මෙන්ම සිරුරේ බර වැඩිවීමේ තත්ත්වය ද වර්ධනය වී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

ක්ෂණික නූඩ්ල්ස් හා එවැනි ආහාරවල අධික ලුණු සාන්ද්‍රණය ද ඛනිජ ලවණ ද හෘදයාබාධ හා ආඝාතයට මූලික හේතුව බව ඔවුහු පෙන්වා දෙති.

එමෙන්ම පෙට්‍රෝලියම් නිෂ්පාදනයේ අතුරු ඵලයක් වන ටර්ටියරි බියුටයිල් හයිඩ්‍රො කුවිනෝන් නමැති රසායනිකය මේ ආහාර කල්තබා ගැනීමට යොදා ගන්නා බවද මෙය ලිංගික හෝමෝනයක් වන ඊස්ට්‍රජන්වලට සහ සිරුරේ පරිවෘත්තිය ක්‍රියාවලියට සෘජුව බලපාන අතර සිරුරේ පණිවුඩ ගෙන යෑමේ ක්‍රියාවලියට ද බලපෑම් කරයි.

බොස්ටන්හි මැසචුසේස්ට් මහ රෝහලේ දී කළ පර්යේෂණ මඟින් ද ක්ෂණික නූඩ්ල්ස් ආහාරයට ගැනීමෙන් පසු ජීර්ණය වීමේ දී ඇතිවන අපහසුතා නිරීක්ෂණය කැර ඇත.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us