නාමල්, ලීක් කළේ පහ ශිෂ්‍යත්වයේ ප්‍රශ්න ද ?

Published in පුවත්
Saturday, 16 August 2014 12:05

පහ වසර ශිෂ්‍යත්ව විභාගය හෙට ඉරිදා  (17) දිවයින පුරා මධ්‍යස්ථාන 2870කදී පැවැත්වේ. 17 වැනිදා පෙරවරු 9.30 සිට 10.15 දක්වා පළමු ප්‍රශ්න පත්‍රයත් පෙරවරු 10.45 සිට දහවල් 12.30 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රයත් පැවැත්වේ.

ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් ‍335,585ක් පෙනී සිටීමට නියමිතය. පැය 24 පුරා ක්‍රියාත්මක වන සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 497ක් තුළින් විභාගය සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරේ.

පසුගිය වාරයේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය ඒ ලෙසම ඊට දින දෙක තුනකට පෙර පුද්ගලික ටියුෂන් ගුරුවරයෙකු විසින් පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් ලෙස තම සිසුනට ලබා දීම නිසා රජය  විසින් නව නීතියක් ගෙන එමින් කියා සිටියේ විභාගයට සති දෙකක් තබා සියළු උපකාර පන්ති නතර කළ යුතු බවත් එම සති දෙක තුල සිසුන්ට පෙරහුරු ප්‍රශ්න පත්‍ර උගන්වන සම්මන්ත්‍රණ හෝ පැවැත්වීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවත් ය.

නීතිය එසේ තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් එකී නීතිය උල්ලංඝණය කරමින් පසුගියදා  හම්බන්තොට තෝරා ගත් දරුවන් පිරිසකට ශිෂ්‍යත්ව පෙරහුරු සම්මන්ත්‍රණයක් පවත්වා, ප්‍රශ්න පත්‍ර දෙකක් ලබා දී උත්තර ලියවා පුහුණු කර තිබේ.

ප්‍රශ්න පත්‍රවල සඳහන් වන්නේ 'සංකල්පය - තාරුණ්‍යට හෙටක්' කියා ය.

මෙම ප්‍රශ්න පත්‍ර දෙකෙහි පළමු වැන්න සකසා ඇත්තේ නීතිඥ ග්‍රේෂන් කුලරත්න නම් අයෙකි. දෙවැනි ප්‍රශ්න පත්‍රය සකසා ඇත්තේ ඩබ්.ඒ.ඩී. ලයනල් නමැත්තෙකි.

නාමල් රාජපක්ෂ මහතා ගේ 'තාරුණ්‍යට හෙටක්' සංවිධානය විසින් ලබා දුන් ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර දෙක සම්පූර්ණයෙන් පහත දැක්වේ.

මෙහි බොහෝ  ප්‍රශ්න හෙට පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගයට ඇතුළත්වීමට ඉඩ ඇතැයි බොහෝ දෙමාපියන් තුල විශ්වාසයක් පවතින බව පැවසේ. ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා එම ආදර්ශ ප්‍රශ්න පත්‍ර දෙක පහත පළකර ඇත.

1

2

3

4

5

6

7

8

11

12

13

14

15

16

17

18

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us