මහියංගනය - අරාවත්ත ප‍්‍රදේශයේ අද (16) පස්වරුවේ පැවති ජනහමුවකට එක්වෙමින් එම ආරාධනය කල ඔහු, ඌව පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කර ඒ සඳහා පළමු වෙඩි මුරය තබන ලෙස ද ඉල්ලා සිටියේය.
ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය අපේක්‍ෂකයා ලෙස තරග වැදීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරය ද අතඇරීම සම්බන්ධයෙන් හරීන් ප‍්‍රනාන්දු මහතාට ස්තූති වන්ත බවද රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී ප‍්‍රකාශ කළේය.