subash
මිනිසෙකු නින්දේ සිටියදී පවා ඔහුගේ හෝ ඇයගේ මොළය ක්‍රියාකාරී තත්ත්වයේ පවතින බවත්, නින්දේදී පවා වචන පිළිවෙලට වර්ග කරගැනීමේ හැකියාවක් මොළයට පවතින බවත් විද්‍යාත්මක පර්යේෂණයකින් හෙළි වී තිබේ.
දර්ගාවල වෙඩි තැබූවන් අත්අඩංගුවට - අධිකරණ නියෝගයක්
පසුගිය ජුනි මාස 15වනදා අලුත්ගම, දර්ගා නගරයේ පැතිර ගිය කල කෝලාහල වලදී සිදු කෙරුණ වෙඩි තැබීම් වලට වගකිව යුත්තන් අත්අඩංගුවට ගන්නා මෙන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට නියෝග කර ඇත.
මේ දිනවල ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය තුළ හදිසි රාජ්‍යය උත්සව පැවැත්වී සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
ඇන්තූරියම් සහ ඕකිඩ් පැළ 400 ක් පමණ රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තායිලන්තයේ - බැංකොක් නුවර සිට අදාළ පැළ තොගය රැගෙන විත් ඇත.
ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පසුගිය 09 වනදා උදෑසන ජොර්දානයේ රජු අබ්දුල්ලා ඉන් අම්මාන් හමු වූ බව මැද පෙරදිග මාධ්‍ය වාර්තා කරයි. අයි.එස්.අයි.එස්. සටන්කාමීන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඉරාකයට ද ගොස් ඇත.
බලංගොඩ කූරගල පුරාවිද්‍යා රක්ෂිතයෙන් පසුගිය කාලයේ සොයාගත් මානව අස්ථි කොටස් අදින් වසර 16,000ට පෙර විසූ මානවයකුගේ බව විද්‍යාත්මක කාලනිර්ණයට අනුව තහවුරු වී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසයි.
මූලික වශයෙන් තාක්ෂණය, ප්‍රාග්ධනය හා අළෙවිකරණය යන කරුණු තුන එකට එකතුකර, කළමණාකරණය කොට ව්‍යවසායදායකත්වයක් ලබාදීම තුළින් කළ කවර ප්‍රමාණයේ ව්‍යාපාරයක් කළ හැකි වුවත් තාක්ෂණය, ප්‍රාග්ධනය, අළෙවිකරණය තුළින් පමණක් සාර්ථක ව්‍යාපාරයක් කළ නොහැකි බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.
ශ්‍රී ලංකාව හා ඉන්දියානු සාගර කලාපයේ රටවලට තවත් දරුණු සුනාමියකට මුහුණ පෑමට සිදුවෙතැයි අධ්‍යයනයක් අනාවරණය කර තිබේ.
”නංගියි, මමයි , සෙල්ලම් කළේ එකට. කෑම කෑවෙත් නංගියි, මමයි. අපි දෙන්නා නිදා ගත්තෙත් එක ඇදක. කවුරු හරි මාමෙක් නංගිව හොරකම් කරගෙන ගිහින් . අනේ නංගී නැතුව මට හරි පාළුයි. මගේ නංගිව කවුරු හරි මාමා කෙනෙක් තියාගෙන ඉන්නවා නම් , පින් සිද්ධ වෙයි නංගිව ආපහු ගෙනත් දෙන්න.”
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අමාත්‍යාංශය බාරගෙන දේශපාලනයට පැමිණීමට සුදුසුකම් හදාගෙන ඇති බවත් දැන් ඔහු දේශපාලනයට සුදුසු බවත් කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පැවසීය.
