අපි නිදා ගත්තත් මොලය අවදියෙන්ලු

Published in පුවත්
Friday, 12 September 2014 13:38

SleepingGirlමිනිසෙකු නින්දේ සිටියදී පවා ඔහුගේ හෝ ඇයගේ මොළය ක්‍රියාකාරී තත්ත්වයේ පවතින බවත්, නින්දේදී පවා වචන පිළිවෙලට වර්ග කරගැනීමේ හැකියාවක් මොළයට පවතින බවත් විද්‍යාත්මක පර්යේෂණයකින් හෙළි වී තිබේ.

කේම්බ්‍රිජ් හා පැරීස් විශ්වවිද්‍යාලවල විද්‍යාඥයන් විසින් සිදුකළ පර්යේෂණයක් මෙම අනාවරණයට තුඩු දී තිබේ.

මෙම පර්යේෂණය සඳහා යොදාගත් පුද්ගලයන් නින්දෙන් අවදි වූ පසු වචන ඇසුරේ පරීක්ෂණයකට යොමුකර ඇති අතර, ඔවුන් නින්දේ සිටියදී පවා ඊට නිවැරදිව ප්‍රතිචාර දක්වා ඇති බව එහිදී නිගයනයකට පැමිණ තිබේ.

මෙම අධ්‍යයනයට අනුව නින්දේ පසුවන මොළයටත් වඩාත් සංකීර්ණ කාර්යයන් ක්‍රියාත්මක කළ හැකි බවත්, බොහෝ විට ඒ කාර්යයන් ස්වයංක්‍රීයව ක්‍රියාවට නැංවෙන බවත් සොයාගෙන තිබේ.

ඒ අනුව, මිනිසා නිදාගන්නා කාලය තුළ මොළයේ මෙම ශක්තියෙන් වැඩ ගන්නේ කෙසේද යන්න පිළිබඳව එම විද්‍යාඥයන් තවදුරටත් පර්යේෂණ සිදුකරමින් සිටින බව බී.බී.සී.ය කියයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us