TNA - මහා බ්‍රිතාන්‍යය සාකච්ඡා මඩකලපුවේ!

Published in පුවත්
Friday, 12 September 2014 14:28

TNAඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාවෙන් සාක්ෂි ලබා දෙන්නන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ(11) මඩකලපුවේදී පවත්වා තිබේ.

මෙය පවත්වා ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ උප මහා කොමසාරිස් ලෝරා ඩේවියන්ස් මහත්මිය හා දෙමළ ජාතික සන්ධානයේ (TNA) නියෝජිතයින් පිරිසක් අතර බව වාර්තා වේ.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාවෙන් සාක්ෂි ලබා දෙන්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලංකා රජයට සහතික වන්නැයි බ්‍රිතාන්‍ය රජය විසින් ලංකා රජයට දැන්ම්දෙන ලෙස එහිදී දෙමළ ජාතික සංධානය පවසා ඇත.

මීට අමතරව උප මහා කොමසාරිස් ලෝරා ඩේවියන්ස් මහත්මිය නැගෙනහිර පළාතේ සංචාරයකද නිරතවී ඇතැයි වාර්තා වේ.

එසේම මඩකලපුව ප්‍රදේශයේ සිටින විවිධ රාජ්‍ය නිලධාරීන් සමඟද ඇය වෙන් වෙන් වශයෙන් සාකච්ඡා පවත්වා ඇත.

Last modified on Friday, 12 September 2014 15:56

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us