කේෂාණිව මග දමා ගිහින්!

Published in පුවත්
Friday, 12 September 2014 20:09

AjithRohanaකුරුණෑගල, වැල්ලව ප්‍රදේශයේදී මීට දින කිහිපයකට ඉහතදී පැහැර ගැනීමට ලක්වූ බව කියන කේෂාණි බණ්ඩාර නැමැති සිව්හැවිරිදි දැරිය නෙරියාව ප්‍රදේශයේ වෙළඳසැලක් අසළ දමාගොස් සිටියදී සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.

අතුරුදහන්ව දින 03කට පසුව තමාරා කේෂානි නැමැති අවුරුදු 4යි මාස 5ක්‌ වයසැති දැරියව මෙලෙස සොයා ගෙන ඇත්තේ ඉබ්බාගමුව කුඹුක්ගැටේ ප්‍රදේශයෙනි.

පසුගිය 08 වැනිදා රාත්‍රී සිය මව්පියන් හා සහෝදරයා සමග නිදා සිටියදී දැරිය පැහැර ගැනීමට ලක්ව තිබූ අතර දැරිය නිදා සිටි නිවසේ ඇඳ සමීපයේ තිබූ ඉටි රෙද්දක් කපා දමා ඇය පැහැරගෙන ඇති බව මාධ්‍ය මගින් අනාවරණය කෙරිණ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලිසීයට පැමිණිල්ලක් ලැබීමත් සමඟ විමර්ශන ආරම්භ කෙරුණි. ඒ අනුව රම්බඩගල්ල , කුරුණෑගල, පොල්ගහවෙල, වාරියපොල, පොතුහැර, වාරියපොල, ගොකරැල්ල,  නාරංවල, මහව පොලිස් ස්ථානවලින් ද පරීක්‍ෂණ ආරම්භ කළ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ද විමර්ශණ කටයුතු ආරම්භ කළේය.

මේ ගැන පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙන්ම රහස් පොලීසිය ද පරීක්ෂණ ඇරඹු අතර නිවැරදි තොරතුරක් දෙන පුද්ගලයෙකුට රුපියල් දසලක්ෂයක ත්‍යාගයක් දෙන බවද ඊයේ(11) නිවේදනය කෙරුණි.

නංගි නැතුව මට පාළුයි

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us