කූරගල මුත්තාට වයස 16,000යි

Published in පුවත්
Friday, 12 September 2014 12:03
Bonsබලංගොඩ කූරගල පුරාවිද්‍යා රක්ෂිතයෙන් පසුගිය කාලයේ සොයාගත් මානව අස්ථි කොටස් අදින් වසර 16,000ට පෙර විසූ මානවයකුගේ බව විද්‍යාත්මක කාලනිර්ණයට අනුව තහවුරු වී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසයි. 
 
මේ බව තහවුරු කරගෙන ඇත්තේ එංගලන්තයේ කේම්බ්‍රිජ් හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයන්හි දී කරන ලද බීටා ඇනලටික් නම් කාලනිර්ණ ක්‍රමයෙනි. 2013 වර්ෂයේ මැයි මාසයේ දී කරන ලද කැණීමක දී මේ මානව සාධක හමුවී තිබිණි.
 
පහතරට වියළි කලාපයට හා තෙත් කලාපයට මැදින් පිහිටි අතර මැදි කලාපයට අයත්වන කූරගල ආසන්න බෙල්ලන්බැඳිපැලැස්සෙන් ද ප්‍රාග් ඓතිහාසික මානව සාධක හමුවී තිබිණි. 
 
බෙල්ලන් බැඳි පැලැස්සේ දී හමුවූ මානව අවශේෂ කාල නිර්ණය කිරීමේ දී ඒ මානවයා වසර 13,000ක් පැරණි බව තහවුරු විය. ඒ අනුව කූරගලින් හමුවූ ප්‍රාග් ඓතිහාසික මානව සාධක ඊටත් වඩා වසර 3000ක් අතීතයට දිව යයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us