එජාපයෙන් මැකෝට පැමිණිළි!

Published in පුවත්
Friday, 12 September 2014 13:16
UNPමේ දිනවල ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය තුළ හදිසි රාජ්‍යය උත්සව පැවැත්වී සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විසින්  මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර  ඇතැයි  වාර්තා වේ.  
 
 පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මැතිවරණ මෙහෙයුම් මැදිරිය පෙන්වා දෙන්නේ මේ ආකාරයට රාජ්‍යය උත්සව පැවැත්වීම මගින්  මැතිවරණ නීති උල්ලංඝණය වන බවයි.
 
බදුල්ල දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන්ගේ සංගමය කැඳවා පස සංරක්ෂණය සඳහා ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක් ලබන 14 සහ 15 යන දින වල සිදු කිරීමට සැලසුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයා වෙත දැනුම් දී ඇත. 
 
එමගින් ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය වන බැවින් එවැනි උත්සව නතර කිරීමට පියවර ගන්නා ලෙස ද එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියි. 
 
මේ අතර පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලයට ඌව පළාත් ඡන්ද විමසීමට අදාළව පැමිණිලි 63ක් ලැබි ඇති අතර ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් 42 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 
 
වැඩිම පැමිණිලි සංඛ්‍යාවක මොණරාගල දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති බව පොලිස් මැතිවරණ කාර්යාලය පවසයි. 
 
මේ අතර ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළ සියලු ප්‍රචාරක කටයුතු ලබන 17 වැනිදා මධ්‍යම රාත්‍රි 12න් පසු නතර කළ යුතු බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි. 
 
ලබන 18 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා පමණක් අවසර ලැබු මැතිවරණ කාර්යාල පවත්වාගෙන යා හැකි බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us