subash

subash

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කිත්රුවන් විතානගේ හට වසරක අත්හිටවූ තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇත.

තැපැල් සේවා අමාත්‍යංශයට අයත් වාහන නවයක් පසුගිය කාලය තුල අතුරුදන්ව ඇතයි වාර්තා වේ. මෙම වාහන නවය රැගෙන ගොස් ඇත්තේ තැපැල් අමාත්‍යය ජීවන් කුමාරතුංග ගේ බෑණා නොහොත් පළාත් සභා මන්ත්‍රීවරයක වන මල්ෂා කුමාරණතුංග ගේ සැමියා වන හර්ෂමාන පණ්ඩිතරත්න විසිනි.

කොලොම්බියානු කාන්තා පාපැදි  කණ්ඩායමට ලබාදී ඇති ක්‍රීඩා ඇදුම මෙතෙක්  ලොව ක්‍රීඩා කණ්ඩායමකට ලබාදී ඇති ලැජ්ජා සහගත ඇදුම බව අණාවරණය වෙයි.

කොළඹ සිට මාතරට සුඛෝපභෝගී දුම්රිය මැදිරියක් ළගදිම හදුන්වාදීමට නියමිත බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි. එහිදී ප්‍රථම වරට දුම්රියකුටි සඳහා ආවරණය කරන ලද ආසන (Box Seat) එක් වේ.

ජීවිතය ලිහා ගන්න උත්තර ඔක්කොම අරං එන්න වගේ මිනිස්සු පොත් ප්‍රදර්ශනය බලන්න යනවා.

කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ කියලා කිව්වට රේස් කොලේ කියවලත් ඒ දේ වෙන්න පුළුවන්ද?

උතුරන මී බිදුවක් වීදුරුවෙන් බේරී පලායන්නට නොදී දිවෙන් අල්ල ගන්න අතරෙදි මම කොට්ටාව අවන්හලේ දී ආගන්තුකයාගෙන් ඇසුවා.

ඌව වෙල්ලස්ස ජනතාවගේ ඉඩම් අයිතිය උල්ලංඝනය කරමින් පසුගිය වසර කිහිපය තුළ ජනතාවගේ හේන් වගා බිම් ඇතුළු ව වනාන්තර ඉඩම් අක්කර 50,000 ක් පමණ විදේශීය බහු ජාතික සමාගම් වලට හා මහ පරිමාණ සමාගම් වලට ඌවේ දේශපාලකයන්ගේ මැදිහත්වීම මත ලබා දී තිබේ. මේ හේතුවෙන් උද්ගත වී ඇති දැවැන්ත ජල අර්බුද, වගා කළ හැකි බිම් සීමා වීම, අලි - මිනිස් ගැටුම උග‍්‍ර වීම වැනි හානි කර තත්ත්වයන් බොහොමයක ප‍්‍රතිඵලයක් ලෙස ඌවේ බොහෝ ගොවි ජනතාව කෘෂිකර්මාන්තයෙන් ඉවත් ව ඇති බව ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානයේ මෙහෙයවීම මත පරිසර සංරක්ෂණ භාරය, ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය, ප‍්‍රජා අභිලාෂ ජාලය, ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය, සවිස්ති‍්‍ර සංවිධානය හා ශී‍්‍ර ලංකා සොබා සාමූහිකය යන සිවිල් සංවිධාන එක් ව සිදු කරන ලද අධ්‍යයනයකට අනුව අනාවරණය විය.

තවත් මලයාසියානු ගුවන් යානයක් උඩු ගුවනේදී ඇතිවු දෝෂයක් නිසා යළි මලයාසියාවට ගොඩබස්වා ඇත. ක්වාලාලාම්පුර් නුවර සිට ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර දක්වා ගමන් ගනිමින් තිබු ගුවන් යානයක් මෙලෙස ගුවන් ගත කර පැය 4 කට පසු යළි ක්වාලලාම්පුර් ගුවන් තොටුපළටම ගොඩ බැස්සවු බව වාර්තා වේ.

උඩවලව මවුආර ප‍්‍රදේශයේදී මඬේ එරී සිටි වන අලියෙකුගේ වලිගය කිසියම් අයෙකු විසින් කපාගෙන යාමේ පුවතක් ඉකුත්දා වාර්තා විය. තවත් වාර්තාවකින් කියැවුණේ එලෙස වලිගය අහිමි වූ වන අලියා පසුව මියගිය බවයි.

'සජිත් ඔබ අමතයි' කියා පෝස්ටර් ගසා තිබුනද, සජිත් ප්‍රේමදාස මහතා එම රැස්වීම වලට පැමිණ නැතැයි පොල් සංවර්ධන ඇමති ජගත් පුෂ්ප කුමාර මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ඇති අර්බුදකාරී තත්ත්වය ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මැදිහත්වීමෙන් විසඳීමට පසුගියදා පියවර ගත්තද එම තත්ත්වය සම්පූර්ණයෙන්ම විසඳී නැතැයි ක්‍රිකට් ආයතන අභ්‍යන්තර ආරංචිවලින් අනාවරණය වේ.

Connet With Us