ශ්‍රී ලංකා ක්‍රිකට් :නැවතත් අතුරු කමිටුවක්

Published in ක්‍රීඩා
Monday, 15 September 2014 11:51

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ඇති අර්බුදකාරී තත්ත්වය ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මැදිහත්වීමෙන් විසඳීමට පසුගියදා පියවර ගත්තද එම තත්ත්වය සම්පූර්ණයෙන්ම විසඳී නැතැයි ක්‍රිකට් ආයතන අභ්‍යන්තර ආරංචිවලින් අනාවරණය වේ.

මෑත කාලීනව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති හා ‍ලේකම්වරයාද අතර ඇතිවී ඇති මතවාදී ගැටුම් තුළ දෙපාර්ශ්වයක් නිර්මාණය වීම නිසා මෙම ගැටලු සහගත තත්ත්වය නිර්මාණය විය.

මෙම තත්ත්වය වර්ධනවීමට තවත් ප්‍රධාන හේතුවක් වූයේ පසුගියදා ක්‍රිකට් ‍ලේකම්වරයාගේ බලතල බිඳ දමමින් ප්‍රධාන විධායක තනතුරට වැඩි බලතල දෙමින් නැවතත් සීතල යුද්ධයක් නිර්මාණය වීමය.

කෙසේ වුවත් මෙම තත්ත්වය තවදුරටත් පැවැත්වීම එළඹෙන එක්දින ලෝක කුසලානය සඳහා කණ්ඩායම ගොඩනැගීමට බාධාවක් ද වනු ඇත. මෙම ප්‍රශ්නයේම ප්‍රතිඵලයක් ලෙසට ජාතික ක්‍රිකට් පි‍ලේ ප්‍රධාන පුහුණුකරු පත්කිරීමේ අර්බුදයක් ද ඇතිවී නැවතත් එය විසඳාගැනීමේ සටනක නියැලීමට සිදුවී ඇත.

කොටසක් වත්මන් ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මාවන් අතපත්තු එයින් ඉවත්කොට ලෝක කුසලානයට විදෙස් පුහුණුකරුවකුගේ සේවය ලබාගැනීමේ අවශ්‍යතාවය පෙන්වන අතරේ තවත් කොටසක් දැනට අතපත්තු දේශීය පුහුණුකරුවකු ලෙස හොඳින් කාර්යය සිදුකරන නිසා ඔහු අඛණ්ඩව රඳවාගැනීමේ අදහසදක් ද ඇත.

කෙසේ වුවත් ක්‍රිකට් විධායක කමිටුවේද මේ වන විට අර්බුද නිර්මාණය වී පැවතීම තුළ ‍පොදු තීරණයකට ඒම සඳහා විශාල බාධාවක් ඇතිවී ඇත


.පසුගිය කාලයේ ක්‍රිකට් ආයතනයේ දැඩි මූල්‍ය අර්බුදයක් පැවතීම, සේවක අතිරික්තය වැනි ගැටලු නිරාකරණය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යතුමා මූලිකව කටයුතු කළ ද තවමත් දෙපාර්ශ්වයේ මතගැටුම් සමථයකට පත්කිරීමට සම්පූර්ණ වශයෙන් නොහැකිවීම තුළ ක්‍රීඩා අමාත්‍යතුමා විසින් නැවතත් අතුරු කමිටු සංකල්පය මගින් ක්‍රිකට් පරිපාලනය එක් කිරීමට යන බවටද මේ වන විටත් ආරංචි පැතිරේ.


එසේ වුවහොත් නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය තවත් අතුරු කමිටුවක් වෙතින් පාලනය වනු ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් තීරණාත්මක එක්දින ලෝක කුසලානයක් අතළඟ තිබියදී මෙම අර්බුදකාරී මුහුණුවරක් ක්‍රිකට් පාලනයේ තිබිම ශ්‍රී ලංකා ක්‍රිකට් හි අවාසියට හේතු වනු ඇත.

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us