කිත්රුවන්ට වසරක අත්හිටවූ තරග තහනමක්

Published in ක්‍රීඩා
Tuesday, 16 September 2014 09:39

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කිත්රුවන් විතානගේ හට වසරක අත්හිටවූ තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ දින (15) පැවැත්වූ විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර පකිස්ථාන ක්‍රිකට් තරගාවලිය අතරතුර සිදුකල විනය විරෝධි හැසීරීමක් නිසා මෙලෙස වසරක තරග තහනමකට ලක්ව තිබේ.


ඔහුට හිමිවිය යුතු තරග මුදල ද කපා හැරීමට ද ක‍්‍රිකට් විධායක කමිටුව එහිදී තීරණය කර ඇත.


පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරග‍යෙන් පසුව එදින රාත්‍රියේදී කළමණාකරුට නොදන්වා නවාතැන්ගෙන සිටි හෝටලයෙන් ඉවතට ගොස් තිබීම ‍හේතුවෙන් කළමණාකරු ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබු වාර්තාවක් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us