subash
චීන ජනාධිපති ගේ ප්‍රධානත්වයෙන් සංස්කෘතික ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ගාලු මුවදොර පැවති උත්සවයට සහභාගී වූ ටීගබී ඒකනායක අමාත්‍යවරයා ඉතා අපහසුවෙන් සිටින ආකාරයක් එහි රැස්ව සිටි මාධ්‍යවේදීන් නිරීක්ෂණය කොට ඇති අතර පසුව සොයා බැලීමේදී එක් මාධ්‍යයවේදියෙකු දැක ඇත්තේ අමාත්‍යවරයාගේ සපත්තු දෙකෙහිම අඩිය නොමැති බවයි.
ගාල්ල, අක්මීමන ප‍්‍රදේශයේදී අට හැවිරිදි දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මාදොල ඇළට පැන ඊයේ රාති‍්‍රයේ දිවි නසා ගෙන තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙන් දුප්පත් විදුලි පාරිභෝගිකයාට එතරම් සහනයක් ලැබී නැති බවත්, ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය අවධාරණය කර සිටියි.
පොලිස් බල්ලා, අටහැවිරිදි සිසුවිය මරා දැමු සාහසිකයා හඳුනාගනී
අක්මීමන ජනබල ගම්මානයේ නිවසක පදිංචිව සිටි අට හැවිරිදි පාසල් සිසුවියක පැහැරගෙන ගොස් අතවර කර එම දැරියගේ ගෙල සිර කර මරා දැමූ සාහසිකයා අක්‌මීමන පොලිසිය මගින් ඊයේ (18 ) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.
ඉදිරි වසර පහ ඇතුළත ඉන්දියාවේ යටිතල පහසුකම් සඳහා ඩොලර් බිලියන විස්සක් ආයෝජනය කෙරෙන ගිවිසුම්වලට චීනය අත්සන් තබයි.
උතුරු ඉන්දියාවේ පුහුණුව ලබමින් සිටින විනිසුරුවරයන් එකොළොස් දෙනෙකු ලිංගිකත්වය මත ස්ත්‍රීන්ට නිග්‍රහ කරමින් කලහකාරී ලෙස හැසිරීමේ වරදට වැඩ තහනමකට ලක්ව තිබේ.
රටේ පාලකයා අනුමත කරන්නේ දුෂිත දේශපාලන සංස්කෘතියක්
හිට්ලර්ගේ ආහාර පරීක්ෂිකාවක ලෙස සේවය කළ කාන්තාවක් තම ජීවන පුවත ලොවට හෙළිකර ඇත.
මාර්ගොට් වොල්ක් නම් වන ඇය දැන් 96 හැවිරිදිය. හිට්ලර්ට සැපයූ ආහාර පරීක්ෂා කිරීමට තමන් ඇතුලූ කාන්තාවන් කණ්ඩායමක් සිටි බවත් තමන් හැරෙන්නට අනෙක් අය සියල්ලෝ බර්ලිනය අත්පත් කරගත් රතු හමුදාවන් අතින් ඝාතනය වූ බවත් ඇය පවසන්නීය.
