ඉවත්වූ ඔටාරා ගේ මාධ්‍යය නිවේදනය

Published in පුවත්
Thursday, 18 September 2014 14:10
ඔඩෙල් ව්‍යාපාරයෙන් සමුගත් ඔටාරා ගුණවර්ධන තම තීරණය මාධ්‍ය නිවේදනයක් ඔස්සේ දැනුම් දී තිබෙන්නේ මෙසේය.
 
වර්තමාන හා අතීත සියලූම සාමාජිකයින් සමගත්, ඔබ සමගත් මා බෙදා හදා ගත් අත්දැකීම මෙන්ම මා පැමිණි ගමන් මග වචනයෙන් විස්තර කිරීම අපහසු එකක්. ඒ තුළින් මා ලැබුවේ අප‍්‍රමාණ සතුටක්. මාගේ නිල්පාට ස්ටේෂන් වැගන් මෝටර් රථයේ පිටුපස අංගනයේ රෙදි පුරවාගෙන ගොස් මම ඇරඹූ මෙම ව්‍යාපාරය බොහෝ දුරක් ගෙන ඒමට අපට හැකිවූ අතර බොහෝ පිරිසකගේ ආදරය, සතුට, මෙන්ම ධෛර්ය අපට එහිදී නොඅඩුව ලැබුණි.
 සෑම කෙනෙකුටම ජීවිතයේ අරමුණක් තිබෙනවා. සමහර අරමුණු පාරිභෝගික භාණ්ඩ අත්පත් කර ගැනීමෙන් සහ ලෞකික ජීවිතයෙන්ද ඔබ්බට ගමන් කරයි. ඔඩෙල් ව්‍යාපාරික කටයුතු ආරම්භ කර වසර 25 ක් සහ මාගේ ජීවිතයේ වසර 50 ක් සපුරන මේ මොහොතේල සත්ත්වයන්ට සැලකීමට කුඩා කල සිට මා සිත තුළ තිබුණු ආශාව ඉටුකර ගැනීමේ කාලය පැමිණ ඇතැයි මම විශ්වාස කරමි. පසුගිය වසර කිහිපය මුළුල්ලේම සතුන් වෙනුවෙන් මගේ උපරිමය කිරීමට මා උත්සාහ ගත් අතර සතුන් සමග සහයෝගයෙන් ජීවත්වීමේ වැදගත්කම මිනිස් සමාජයට අවබෝධ කර දීමටද කටයුතු කළෙමි. නමුත්, එයටත් වඩා යමක් කිරීමට කාලය එළඹ ඇති බව මාගේ විශ්වාසයයි.
 
මගේ විශ්වාසය වන්නේල මා ඉපදී තිබෙන්නේ සතුන්ට උපකාර කිරීමට බවයි. ළමා කාලය සතුන් එක්කම ගත කළ මමල ඔවුන්ට පිහිටක් වන ආකාරය පිළිබඳව සිහින දැක්කෙමි. ඔවුන්ගෙන් අපගේ ජීවිත වලට මෙන්ම ලෝකයට තිබෙන වැදගත්කම පිළිබඳව මම ළමා  අවධියේදිම අවබෝධ කර ගත්තෙමි. එදා පටන් අද දක්වා මෙම පණිවුඩය ඔඩෙල් සංස්කෘතියේ අංගයක් බවට පත් විණ. විලාසිතා කෙරෙහි මාගේ නැඹුරුවල සතුන් කෙරෙහි මා තුළ ඇති දයාව සමග සැමවිටම ඒකාබද්ධ වූ අතර ඒ තුළින් මිනිසුන් හා සතුන් එකට ජීවත්වීමේ වැදගත්කම හුවා දැක්වීම අපගේ අරමුණ වියං සෑම ගනුදෙනුකරුවෙකු වෙතම සෑම දිනකම මෙම පණිවුඩය සන්නිවේදනය විය.
 
 
මාගේ අරමුණ වන්නේ ඉදිරි වසර වලදී මෙම පණිවුඩය තවත් විශාල පිරිසක් වෙත අරගෙන යෑමයි එම්බාර්ක් හි විශිෂ්ට කණ්ඩායම සුනඛයින්ගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීමට දිනපතා බොහෝ වැඩ කොටසක් කරන අතර ඉදිරියටත් මා සිදුකරන වැඩසටහන්වලට ඔවුන් විශාල සහයෝගයක් ලබාදීමට නියමිතය.
 
 
සමාගමේ මා සතු කොටස් විකිණීම යථාර්තවාදී ව්‍යාපාරික තීරණයක් මෙන්ම සතුන්ට උපකාර කිරීමට වැඩි කාල වේලාවක් සොයා ගැනීමේ අවස්ථාවක් ලෙසයි මම දකින්නේ. නව කොටස්කරුවන් ඔඩෙල් හි, සේවය කරන විශිෂ්ට කාර්ය මණ්ඩලය සමග එක්ව සාමූහිකත්වයෙන් හා මනා දැක්මකින් යුතුව සමාගම දියුණුවෙන් දියුණුවට රැුගෙන යනබව මා හොඳාකාරවම දනිමි.
 
මෙම අද්විතීය ගමන් මගට සහයෝගය ලබාදුන් මාගේ සියළුම කොටස්කරුවන්ටත් ගනුදෙනුකරුවන්ටත් මෙන්ම මාගේ කාර්යක්ෂම කාර්ය මණ්ඩලයටත් තුති පුද කිරීමට මා මෙය අවස්ථාවක් කර ගනිමි. ඔඩෙල් වෙත ඉදිරියටත් ඔබගේ සහාය ලබාදෙනු ඇතැයි මා විශ්වාස කරන අතර මා දිරිමත් කිරීම පිළිබඳව ඔබට හද පතුළෙන්ම ස්තූති පුදකරමි. ඔබ, මාගේ නව ඇරඹුමේ කොටස්කරුවන් වනු ඇතැයි විශ්වාස කරමි.  

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us