subash

subash

ඌව පළාත් සභා මැතිවරණ‍යේ ජවිපෙ පළාත් නායක සමන්ත විද්‍යාරත්න මහතාගේ රිදිමාලියැද්ද නිවසේ පිහිටි කාර්යාලය ගිනි තබා විනාශ කොට ඇත.

තමන්ද පාර්ශවකරුවකු ලෙස නම්කර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව කිසියම් ආයතනයක් හෝ පුද්ලගයෙකු අධිකරණය ඉදිරියට ගියහොත් තමන් වෙත ලැබී තිබෙන සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කරන බවත් එවැනි ක්‍රියා පළාත් සභා ඡන්ද විමසීම් පනත යටතේ මැතිවරණ දූෂණ ක්‍රියා ලෙස සලකන බැවින් අධිකරණය අදාළ විභාගය සිදුකළ විට අදාළ අපේක්ෂකයන් අසුනකට තේරී පත්වුවත් ඔහුගේ අසුන අහිමි විය හැකි බව සුසිල් ප්‍රෙම්ජයන්ත්, ඩලස් අලහප්පෙරුම, මෛත්‍රිපාල සිරිසේන යන අමාත්‍යවරුන්ට මැතිවරණ කොමසාරිස්වරයා ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත.

ස්කොට්ලන්තය එක්සත් රාජධානියෙන් වෙන් කර ගැනීම සඳහා මුලිකත්වය ගත් ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ නායක ඇලෙක්ස් සැමන් සිය ධුරවලින් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු තනතුර සඳහා මාවන් අතපත්තු පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

 අසංග සෙනෙවිරත්න මහතාගේ  ප‍්‍රධානත්වයෙන් නව පුහුණුකරු තෝරා ගැනීම සඳහා පිහිටු වූ කමිටුව ඊයේ  (19) රැස්වූ අතර, එහිදී මෙම තීරණය ගෙන තිබෙන බව පැවසේ.

දිවයින පුරා රජයේ රෝහල්වල නේවාසික රෝගීන් සඳහා වන ආහාර ලැයිස්‌තුවේ ඇතුළත් ගවමස්‌ අවම කර නව ආහාර ලැයිස්‌තුවක්‌ සකස්‌ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඌව පළාත් සභා ඡන්ද විමසීම අද පෙරවරු 7.00 සිට පස්‌වරු 4.00 දක්‌වා ඡන්ද මධ්‍යස්‌ථාන 834ක දී සිදු කෙරේ. 

ඌව පළාත් සභා මැතිවරණයට දේශපාලන පක්‍ෂ 14කින් හා ස්‌වාධීන කණ්‌ඩායම් 11කින් අපේක්‍ෂකයන් 617දෙනකු තරග කරන අතර ඉන් ප්‍රසාද මන්ත්‍රී ධුර 02ක්‌ ඇතුළුව මන්ත්‍රීවරුන් 34දෙනකු පළාත් සභාවට තෝරා ගැනීමට නියමිතය.

රට මුහුණදී සිටින වත්මන් අර්බුදයෙන් ගැලවීම සඳහා වඩාත්ම සුදුසු ප්‍රවේශය වන්නේ, විපක්ෂයේ එක්සත් සන්ධානයක් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය අවධාරණය කර සිටියි.

තමන් ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ කාලයේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටීම හේතුවෙන් සිය ඉදිරි ගමනට බාධා එල්ල වූ බව ආර්ජන්ටිනාවේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක දියෙගෝ මැරඩෝනා පවසයි.

ඇඹිලිපිටිය කඳුරුගස්ආර හමුදා කඳවුරේ ආධුනික සෙබලෙකු ගෙල වැලලාගෙන මියගොස් ඇත.

කොල්ලුපිටියේදී මීට දින කිහිපයකට පෙරදී පොලිසිය විසින් වැටලූ ගණිකා නිවාසයෙන් ජාත්‍යන්තර පාසලක සිසුන් දෙදෙනෙකුද සේවය ලබාගෙන තිබෙන බව පොලීසිය කියයි.

Connet With Us