පුටු 34 ට 617 ක්‌ පොරකන ඌව සටන අද

Published in පුවත්
Saturday, 20 September 2014 07:56

ඌව පළාත් සභා ඡන්ද විමසීම අද පෙරවරු 7.00 සිට පස්‌වරු 4.00 දක්‌වා ඡන්ද මධ්‍යස්‌ථාන 834ක දී සිදු කෙරේ. 

ඌව පළාත් සභා මැතිවරණයට දේශපාලන පක්‍ෂ 14කින් හා ස්‌වාධීන කණ්‌ඩායම් 11කින් අපේක්‍ෂකයන් 617දෙනකු තරග කරන අතර ඉන් ප්‍රසාද මන්ත්‍රී ධුර 02ක්‌ ඇතුළුව මන්ත්‍රීවරුන් 34දෙනකු පළාත් සභාවට තෝරා ගැනීමට නියමිතය.



ඡන්ද පෙට්‌ටි සියල්ල ඊයේ (19 වැනිදා) පෙරවරුවේ මොනරාගල හා බදුල්ල දිස්‌ත්‍රික්‌ කච්චේරිවල සිට අදාළ ඡන්ද මධ්‍යස්‌ථාන කරා ගෙන ගිය අතර මෙම කටයුතු නිරීක්‍ෂණය කිරීමට මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා එම ප්‍රදේශවල සංචාරයක නිරතව සිටී.

මොනරාගල දිස්‌ත්‍රික්‌කය බිබිල, වැල්ලවාය හා මොනරාගල යන ආසන තුනෙන් සමන්විත වන අතර එහි ඡන්දදායක සංඛ්‍යාව තුන්ලක්‍ෂ තිස්‌දෙදහස්‌ හත්සිය හැටහතරකි. දේශපාලන පක්‍ෂ 12 කින් හා ස්‌වාධීන කණ්‌ඩායම් 07 කින් අපේක්‍ෂකයන් 323 දෙනකු මොනරාගල දිස්‌ත්‍රික්‌කයට තරග කරන අතර ඉන් 14 දෙනකු තෝරා පත්කර ගනු ලැබෙති. එම දිස්‌ත්‍රික්‌කයේ ඡන්ද මධ්‍යස්‌ථාන 318 ක්‌ පිහිටුවා තිබේ.

මහියංගනය, වියලුව, පස්‌සර, බදුල්ල, හාලිඇල, ඌව පරණගම, වැලිමඩ, බණ්‌ඩාරවෙල හා හපුතලේ යන ඡන්ද කොට්‌ඨාසවලින් සමන්විත බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ සමස්‌ත ඡන්දදායකයන් සංඛ්‍යාව හයලක්‍ෂ නවදාස්‌ නවසිය හැටහයකි. දේශපාලන පක්‍ෂ 10 කින් හා ස්‌වාධීන කණ්‌ඩායම් 4 කින් අපේක්‍ෂකයන් 294 දෙනකු තරග කරන අතර ඉන් 18 දෙනෙක්‌ තෝරා පත්කර ගැනෙති.

අද පෙරවරු 7.00 ට ඡන්ද විමසීම ආරම්භ කරන අතර ඉන් පසුව සවස 4.00 ට පක්‍ෂ නියෝජිතයන් හා මැතිවරණ නිලධාරීන් ඉදිරියේ ඡන්ද පෙට්‌ටි මුද්‍රා තබා විශේෂ ආරක්‍ෂිත ඇසුරුම්වල බහා පොලිස්‌ රැකවරණ මත ගණන් කිරීමේ මධ්‍යස්‌ථාන කරා එම පෙට්‌ටි ගෙන යනු ලබයි.

සියලුම ඡන්ද පෙට්‌ටි ලැබීමෙන් පසුව මුලින්ම සවස 6.00 ට පමණ තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ වෙයි. 

ආසන මට්‌ටමින් ඡන්ද ගණන් කිරීම රාත්‍රි 8.00 ට පමණ ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත් කලබලකාරී වාතාවරණයක්‌ ඇති නොවුණහොත් හෙට (21 දා) උදෑසන වන විට ප්‍රතිඵල නිකුත් කර අවසන් කිරීමට හැකිවනු ඇති බවත් මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙක්‌ පැවසීය. 

පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය අද (20 දා) මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමට මැතිවරණ කාර්යාලය අපේක්‍ෂා කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us