මැරඩෝනාගේ පාපෝච්චාරණය (වීඩියෝ )

Published in ක්‍රීඩා
Friday, 19 September 2014 20:15

තමන් ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ කාලයේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටීම හේතුවෙන් සිය ඉදිරි ගමනට බාධා එල්ල වූ බව ආර්ජන්ටිනාවේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක දියෙගෝ මැරඩෝනා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ, ආර්ජනාවේ රූපවාහිනී සේවයක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී ඔහු සඳහන් කළේ, තමන් 53 වන වියේ පසු වුව ද මත්ද්‍රව්‍යවලින් සිය සිරුරට වූ හානිය සහ තමන් මානසිකව ලත් පීඩන හේතුවෙන් 78 හැවිරිදි පුද්ගලයෙකුගේ මෙන් ශරීරය සහ මනස දුබලව පවතින බව ය.

එම ශාරීරික හා මානසික බිඳ වැටීම සිය ප්‍රතිවාදීන්ට බෙහෙවින් වාසිදායක වූ බව ත්, එවැනි තත්ත්වයක් සිදු නොවූයේ නම් තමන් ක්‍රීඩකයෙකු ලෙස ඉතාමත් ඉහළ මට්ටමකට පැමිණෙනු ඇති බව ත් ඔහු පැවසීය.

පසුගිය පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට ආර්ජන්ටිනාවට නොහැකි වීම දරා ගත නොහැකි දුකක් බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

දියෙගෝ මැරඩෝනා 1986 වසරේ ‍පාපන්දු ලෝක කුසලානය දිනාගත් ආර්ජන්ටිනා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු විය.

පසුව ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් සිය ක්‍රීඩා දක්ෂතා මොට කරගත් බව විචාරකයින්ගේ පිළි ගැනීම ය.


(සිරස)


දියෙගෝ මැරඩෝනාගේ හොඳ ම ගෝල ප්‍රහාර 10ක් පහත දැක්වේ.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us