subash

subash

බටහිර ආධාර ලබන සිරියානු විපක්‍ෂ නායකයකු විසින් ඊශ‍්‍රායලය විසින් ලබාදෙන සහයෝගය පිළිබඳව ස්තූතිය පිරිනමා ඇතැයි වාර්තා වේ.
සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති මෙන්ම පුහුණුකරු තෝරා ගැනීම සඳහා පත්කළ කමිටුවේද සාමාජිකයෙකි.

රුවන් යයි : හරීන් එයි

Published in පුවත්
Tuesday, 23 September 2014 14:39
එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණේ සභාපති රුවන් විජයවර්ධන මහතා, හරීන් ප්‍රනාන්දු මහතාගේ නම එම තනතුරට යෝජනා කළේය. එය ප‍්‍රකාශ කළේ අද කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ය. 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය යොදාගනිමින් තරුණියන් අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකු  අත්අඩංගුවට ගෙන තිබේ. 

ඌව පළාත් සභා ඡන්දයේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළත් වාර්තාවක් එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් වෙත යවන බව එක්සත් ජාතික පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ සහකාර ලේකම් සාගල රත්නායක මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් සොයාබැලීමට ජගත් මානව හිමිකම් පිළිබඳ හිටපු මහකොමසාරිස් නවි පිල්ලේ විසින් කමිටුවක් පත් කරන ලද කමිටුව විසින් සිදුකරන පරීක්ෂණයේ සම්පූර්ණ වාර්තාවක් ලබන වසරේ මාර්තු මසදී ජිනීවා හී රැස්වන 28 වැනි ජගත් මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

කාන්තා ආරක්ෂක නිලධාරිනියන් සඳහා විශාල ඉල්ලුමක් පවතින රටකි චීනය.ඒ සඳහා පිරිමි ආරක්ෂකයන්ටත් වඩා වැඩි ගෙවීමක් ලබාදෙන බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී.

එජාප නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කරන ලෙස බල කරමින් ශිරාල් ලක්තිලක හා මෛත්‍රී ගණරත්න යන මහත්වරුන් විසින් ඉකුත් වසරේ ඔක්තෝබර් 05 වැනිදා දෙවුන්දරින් ආරම්භ කළ ‘ඉවසුවා ඇති’ පා ගමනේදී ඇති වූ ගැටුම සම්බන්ධ නඩුව ලබන මාර්තු 23 වැනිදා දක්වා කල් තැබීමට මාතර මහේස්ත්‍රාත්වරයා අද (22) නියෝග කළේය.

චීනයෙන් GOOGLE වලට තිත.

Published in විදෙස්
Tuesday, 23 September 2014 11:57

අන්තර් ජාල ආරක්ෂාව සම්බන්ධයෙන් චීන රජය විසින් කොන්දේසි කිහිපයක් පනවා ඇති අතර එම කොන්දේසියකට අනුව google ආයතනය වසා දැමීමට සිදුව තිබේ.මේ හේතුවෙන් මේ වන විට චීනය පුරා සියලු google සබදතා ඇණ හිට තිබේ.


ඉහුම් පිහුම් කටයුතු සඳහා පොල්තෙල් නැවත භාවිතයට ගැනීම බොහෝ දෙනෙක් සිදු කරයි. ඒ පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කර ඇත්තේ ඉහුම් පිහුම් කටයුතු සඳහා පොල්තෙල් නැවත භාවිතයට ගැනීම නුසුදුසු බවයි යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

Connet With Us