සිරියානු කැරලි නායකයා ගෙන් ඊශ‍්‍රායලයට තුති

Published in විදෙස්
Tuesday, 23 September 2014 15:41
බටහිර ආධාර ලබන සිරියානු විපක්‍ෂ නායකයකු විසින් ඊශ‍්‍රායලය විසින් ලබාදෙන සහයෝගය පිළිබඳව ස්තූතිය පිරිනමා ඇතැයි වාර්තා වේ.
 පිටුවහල්ව තුර්කියේ ජීවත්වන සිරියානු ජාතික සන්ධානයේ කමාල් අල් ලබ්වානි පවසා ඇත්තේ බෂාර් අසාද් පාලනයට එරෙහිව සටන් වදින කිසිවෙකු ඊශ‍්‍රායලයේ මානුෂීය සහයෝගය කිසිදා අමතක නොකරනු ඇති බවයි.
 
සිරියානු කැරලිකරුවන් ඊශ‍්‍රායලය සිය මිතුරෙකු ලෙස සලකන බවද ඔහු පවසා තිබේ.
 
ඊශ‍්‍රායලයේ සංචාරයක නිරතවන ලබ්වානි මීළගට ඊශ‍්‍රායල නිලධාරීන් හමුවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
 
ටෙල් අවිව් රෙජිමය විසින් අවස්ථා ගණනාවකදී සිරියානු රාජ්‍ය විරෝධී කණ්ඩායම් සඳහා සහය පළ කර ඇති අතර මෙම වසර තුළ අවස්ථා 3කදී සිරියානු හමුදා වෙත ගුවන් ප‍්‍රහාර එල්ල කර තිබේ.
 
පෙබරවාරි මසදී තවත් සිරියානු කැරලි නායකයකු වන මුහම්මද් බාදී විසින් පෙබරවාරි 18වනදා ගෝලාන් කඳුකර ප‍්‍රදේශයේ රෝහලක් නැරඹීමට යාම සම්බන්ධයෙන් ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ස්තූති කරනු ලැබීය.
 
පසුගිය මාස කිහිපය තුළ සටන්කාමීන් ඇතුළු සිරියානුවන් 700කට ප‍්‍රතිචාර කළ ගෝලාන් කඳුකර ප‍්‍රදේශයේ පිහිටා ඇති රහසිගත ඊශ‍්‍රායල ක්‍ෂෙත‍්‍ර රෝහලක් පිළිබඳ ඊශ‍්‍රායල මාධ්‍ය විසින්ද කරුණු අනාවරණය කරන ලදී.
 
සටන්කාමීන් වෙතින් ඊශ‍්‍රායල නිෂ්පාදිත අවි විශාල ප‍්‍රමාණයක් අල්ලා ගත් බව සිරියානු හමුදා විසින් පවසා තිබේ.
 
(ලංකාසීනිවුස්)

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us