නවි පිල්ලේ පත්කළ කමිටුවේ වාර්තාව 28 වැනි ජගත් මානව හිමිකම් සමුළුවේදී

Published in පුවත්
Tuesday, 23 September 2014 12:35

ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් සොයාබැලීමට ජගත් මානව හිමිකම් පිළිබඳ හිටපු මහකොමසාරිස් නවි පිල්ලේ විසින් කමිටුවක් පත් කරන ලද කමිටුව විසින් සිදුකරන පරීක්ෂණයේ සම්පූර්ණ වාර්තාවක් ලබන වසරේ මාර්තු මසදී ජිනීවා හී රැස්වන 28 වැනි ජගත් මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

එම වාර්තාවට පෙරාතුව දැනට සිදුකරගෙන යන පරීක්ෂණයේ ප්‍රගතිය පිළිබඳ වාචික ප්‍රකාශයක් මේවන විට පැවැත්වෙන 27 වැනි සැසිවාරය සඳහා හෙට(24) ඉදිරිපත් කිරීමට නියමිතය.

යුද්ධයෙන් පසු ඇරඹු නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය හා ප්‍රතිසංස්කරණ කටයුතු වලට අමතරව සිදුවෙමින් පවත්නා භීෂණ හා ප්‍රචණ්ඩකාරි ක්‍රියා පාලනය කිරීමට ශ්‍රී ලංකා රජය දැඩි අවධානය යොමු කළ යුතු බව ද ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා විශ්වාසය පළ ඇත.

එසේම උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම විසින් අනාවරණය කරගත් පරිදි ගැටුම් ඇතිවීමට බලපෑ මූලික හේතුවලට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර ගැන අදහස් දැක්වීමට මෙය අවස්ථාවක් කරගන්නා ලෙසද ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ම‍‍හකොමසාරිස් සෙයිද් අල් රාද් හුසෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ එකී පරීක්ෂණය සඳහා ශ්‍රී ලංකා බලධාරීන් පූර්ණ සහයදීම වැදගත් බවයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us