ඒ අනුව එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණේ සභාපති රුවන් විජයවර්ධන මහතා එයින් ඉල්ලා අස් වී වාර්තා ගත මනාප ඡන්ද ප්‍රතිශතයක් ලබා ඌව පළාත් සභාවට තේරී පත් වූ හරීන් ප්‍රනාන්දු මහතාව යෝජනා කළේය.
එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් හරීන් ප‍්‍රනාන්දු මහතා සිදුකළ කැප කිරීම වෙනුවෙන් තමන් මෙම තීරණය ගත් බවයි රුවන් විජයවර්ධන මහතා කියාසිටියේ. ඉල්ලා අස්වීමේ ලිපිය අද පස්වරුවේ පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා භාරදෙන බවයි ඒ මහතා වැඩිදුරටත් කියාසිටියේ.