'නීති කැඩූ අයට අබ සරණයි' -මැකොගෙන් තද ලිපියක්

Published in පුවත්
Saturday, 20 September 2014 08:32

තමන්ද පාර්ශවකරුවකු ලෙස නම්කර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව කිසියම් ආයතනයක් හෝ පුද්ලගයෙකු අධිකරණය ඉදිරියට ගියහොත් තමන් වෙත ලැබී තිබෙන සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කරන බවත් එවැනි ක්‍රියා පළාත් සභා ඡන්ද විමසීම් පනත යටතේ මැතිවරණ දූෂණ ක්‍රියා ලෙස සලකන බැවින් අධිකරණය අදාළ විභාගය සිදුකළ විට අදාළ අපේක්ෂකයන් අසුනකට තේරී පත්වුවත් ඔහුගේ අසුන අහිමි විය හැකි බව සුසිල් ප්‍රෙම්ජයන්ත්, ඩලස් අලහප්පෙරුම, මෛත්‍රිපාල සිරිසේන යන අමාත්‍යවරුන්ට මැතිවරණ කොමසාරිස්වරයා ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත.



පසුගිය එකොළොස් වැනි දින මෙම ලිපිය යොමු කර ඇති මැතිවරණ කොමසාරිස්වරයා එහිදී සඳහන් කරනුයේ වියළි ආහාර, මුදල් ආධාර, ද්‍රව්‍ය මලු බෙදාදීම වැනි රාජ්‍ය දේපළ අයථා ලෙස භාවිතය පිළිබඳව නොයෙක් ආයතන සහ පුද්ගලයන් තමා දැනුවත් කර ඇති බවය.

එහිදී අදාළ ක්‍රියා සම්බන්ධයෙන් වීඩියෝ සහ හඬ පට ද තමන් වෙත ලැබී ඇතැයි සඳහන් කරන ඒ මහතා මේවා ඉහත සඳහන් කළ අධිකරණ ක්‍රියාවලියක දී අධිකරණයට ඉදිරිපත් කිරිමට සිදුවන බව ද කියා සිටී.

මැතිවරණය අවසන් වූ වහාම මැතිවරණ දූෂණයන් සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියට යෑමට බලාපොරොත්තු වන්නේ නැත්දැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගෙන් කළ විමසීමේ දී ඒ මහතා පැවසුවේ එවැනි අදහසක් දැනට තිබෙන බවය. 

තමන් සතුව තිබෙන තොරතුරුවල සත්‍ය අසත්‍යතාව නැවත සලකා බලා තමන් එවැනි තීරණයක් ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය. යම් පුද්ගලයකු හෝ ආයතනයක් එවැනි විශ්වසනීය තොරතුරු තමන් වෙත ඉදිරිපත් කරන්නේ නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට පූර්වාදර්ශයක් ලෙස සලකා තමන් එම පියවර වෙත යොමු වන බවත් ඔහු කියයි.

මෙම ලිපිය සහ යම් පුද්ගලයකු අධිකරණය වෙත යොමු වුවහොත් එහිදී සාක්ෂි ලබා දෙන්නේ දැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගෙන් විමසීමේ දී ඒ මහතා ප්‍රකාශ කළේ තමන් අනිවාර්යයෙන් ම තමන් සතු සාක්ෂි අධිකරණය වෙත යොමු කරන බවය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us