ස්කොට්ලන්ත මහ ඇමති ගෙදර යාමට තීන්දු කරයි

Published in විදෙස්
Saturday, 20 September 2014 08:24

ස්කොට්ලන්තය එක්සත් රාජධානියෙන් වෙන් කර ගැනීම සඳහා මුලිකත්වය ගත් ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ නායක ඇලෙක්ස් සැමන් සිය ධුරවලින් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය.



පෙරේදා (18) පැවති ජනමත විචාරනයේදී ඔහුගේ ප්‍රයත්නය පරාජයට පත් විය.

තමා පරාජය භාරගන්නා බව ඇලෙක්ස් සැමන් ප්‍රකාශ කළේය. 

ස්කොට්ලන්තය වෙනම රාජ්‍යයක් බවට පත් විය යුතු බව, ඡන්දය ප්‍රකාශ කළ පිරිසෙන් 45% ක් අනුමත කොට තිබුණත් 55% කට ආසන්න ඡන්දදායකයන් එය ප්‍රතික්ෂේප කොට තිබුණි.

ස්කොට්ලන්තවාසීන්ගෙන් 85% ක් ජනමත විචාරණයේදී සිය ඡන්දය භාවිත කොට තිබූ අතර එය වාර්තාගත ඡන්ද ප්‍රතිශතයකි.

 ස්‌කොට්‌ ජනමත විචාරණයේදී ස්‌කොට්‌ලන්තය වෙනම රටක්‌ විය යුතු නැති බවට එක්‌ලක්‍ෂ අටදහස්‌ හයසිය හයදෙනකු ඡන්දය භාවිත කර ඇත.

ස්‌කොට්‌ලන්තය වෙනම රටක්‌ බවට පත්විය යුතු යෑයි හැත්තෑඑක්‌දහස්‌ තුන්සිය තිස්‌හත්දෙනකු ඡන්දය පාවිච්චි කර තිබේ.

ඇලෙක්ස් සැමන්,  ස්‌කොට්‌ලන්තය නමින් වෙනම රටක්‌ බිහිකිරීමේ පිළිවෙත පරාජය වීමත් සමඟ ස්‌කොට්‌ ජාතිකයන් හඬාවැළපුණු බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසයි.

මෙම ජනමත විචාරණයේදී තමන් ජයගනු ඇතැයි තරයේ විශ්වාසය තබමින් ඇලෙක්ස් සැමන්,  ස්‌කොට්‌ලන්තයේ මත්පැන්හල් අලුතින් ආරම්භ කිරීමට ද ඉඩ දී තිබිණි.

පරාජයෙන් පසු ජනතාව ඇමතූ ඇලෙක්ස් සැමන්,  ස්‌කොට්‌ලන්තය ද එහි රටක්‌ යටතේ ක්‍රියාත්මක වන බව කියා සිටියේය.

අගමැති ඩේවිඩ් කැමරන් ද ජනතාව අමතමින් ජාතින් අතර සහයෝගිතාවය පවත්වන ලෙස ඉල්ලීමක්‌ කළේය.

ස්‌කොට්‌ ජාතික පක්‍ෂයේ නායක ඇලෙක්ස් සැමන්,  ස්‌කොට්‌ලන්තය නමින් වෙනම රටක්‌ බිහිකිරීම සඳහා වූ ප්‍රචාරක ව්‍යාපාරයට ප්‍රකට ඡේම්ස්‌ බොන්ඩ් නළු ශීක්‌ කොනරිද ච යොදා ගෙන තිබුණි.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us