ඕස්ට්‍රේලියාවෙත් ත්‍රස්තවාදියෝ -මහා පරිමාණ වැටළීමක්

Published in විදෙස්
Friday, 19 September 2014 14:37
ඕස්ටේ‍්‍රලියා ඉතිහාසයේ සිදු කළ ප‍්‍රථම මහා පරිමාණ වැටළීම ලෙස හැදින්විය හැකි මෙහෙයුමක් සිදු වී ඇත.  එමගින් අන්තවාදී කණ්ඩායම් හා සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ගලයින් 15 දෙනෙකු මුදල් තොගයක් හා ගිනි අවි සමග අත්අඩංගුවට ගත් බව  ඕස්ටේ‍්‍රලියා ආරක්ෂක අංශ සදහන් කරයි.
 අත්අඩංගුවට ගත් අන්තවාදී අයි.එස්.අයි.එස් සංවිධානය හා සම්බන්ධකම් ඇත්තවුන් බව සදහන්ය.
ඕස්ටේ‍්‍රලියා ජාතිකයින් 60 ක් පමණ අයි.එස්.අයි.එස් ත‍්‍රස්ත සංවිධානයට බැදී ඉරාකයේ හා සිරියාවේ අන්තවාදී කි‍්‍රයා වල නියැළී සිටින අතර එම  ඕස්ටේ‍්‍රලියා ජාතිකයින් සංවිධානයට බදවා ගත්තේ යැයි සැළකෙන පුද්ගලයාද අත්අඩංගුවට ගත් අය අතර සිටින බව ආරක්ෂක අංශ පවසයි.
 
කණ්ඩායමේ මහ මොළකරු යැයි හඳුනාගෙන ඇති පුද්ගලයා  ඕස්ටේ‍්‍රලියාවේ ජනතාව බියපත් කිරීමේ අරමුණින් සිඞ්නි නුවර වීදියකදී ප‍්‍රසිද්ධියේ පුද්ගලයෙකු හිස ගසා මරණයට පත්කිරීමට සැළසුම් කර තිබී ඇතැයිද පැවසේ.
 
මේ සදහා යොදාගැනීමට සිටි අතිවිශාල කඩුවක්ද තම භාරයට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.
මෙවන් වැටළීම් දිගටම සිදුකරන බව  ඕස්ටේ‍්‍රලියා බළධාරීන් කියයි.
 
අගමැති ටෝනි ඇබොට්ද ප‍්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ  ඕස්ටේ‍්‍රලියාවේ අන්තවාදීන්ට හිස එසවීමට ඉඩ නොදෙන බවය.මෙනිසාම රටේ අවදානම් තත්ත්වය සාමාන්‍ය මට්ටමේ සිට අතිශය අවදානම් මට්ටම දක්වා ඉහළ දමා තිබෙන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
 
ඒ අනුව ගුවන්තොටුපල,පොදු ස්ථාන ආදීයෙහි ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇති අතර අවැසි විටෙකදී සෝදිසි මෙහෙයුම් සිදුකිරීමට,සැක කටයුතු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හා ආරක්ෂක අංශ වලට බලය තිබේ.
 
මෙම වැටළීම් ආරම්භ කිරීමට මුල් වූයේ පසුගිය සමයේ තුර්කියට හා වෙනත් අරාබි රටවලට කෝටි ගණන් මුදල් අයථා ලෙස යවා හසුවූ  ඕස්ටේ‍්‍රලියා ජාතිකයෙක් සම්බන්ධ සිදුවීමකිනි.ඔහුට තමන් මුදල් යැවූයේ කාහටදැයි තොරතුරු ඉදිරිපත් කිරීමට නොහැකිවූ අතර එනිසා ඔහුගේ ව්‍යාපාරයන් මුද්‍රා තැබීමටත් ඔහුව සිරගත කිරීමටත් අධිකරණය නියෝග කළේය.
 
මෙයත් සමග අන්තවාදීන් සොයා වැටළීම් ආරම්භ කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ අතර දැනුම්දීමකින් තොරව සිදුකෙරෙන හදිසි වැටළීම් ඒවායින් මුල් තැන ගෙන ඇත.

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us