මෙය පසුගිය දින වල ජනපි‍්‍රය පුවතක් බවටද පත් වූවකි.
සංස්කෘතික ඇමති ටී.බී.ඒකනායක මහතා පවසන්නේ ගෙදර තිබූ පරණ සපත්තු දෙකක් පැළඳගෙන ගිය බවත් එහි අඩි දෙකම මඟදී ගැලවුණු බවත් ය.
‘‘ඒ සපත්තු දෙක සුදුපාටයි. මගේ ඇඳුමට ගැළපෙන නිසා එය දමාගත්තා. හැබැයි කලෙකින් පාවිච්චි කළේ නැහැ එය පරණ සපත්තු දෙකක් මගදී අඩි ගැලවුණා. ඉතින් උත්සවයටත් යන්න ඕනනේ. චීන ජනාධිපතිතුමාට අතට අත දීම කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. ඒ නිසා මම එහෙමම ගියා. අපි ගමේ මිනිස්සු. පොළවෙ අඩිය ගහල ඉන්න මිනිස්සුග සපත්තු දෙකට වෙච්චි දේ ගැන මම හිතුවේ නෑ. ඒ පින්තූර පළවී තිබුණා. ඔහොම දේවල් සිද්ධ වෙනවා. ”