subash

subash

චීන ජනපති ලංකාවේ

Published in පුවත්
Tuesday, 16 September 2014 11:35

චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා දෙදින නිල සංචාරයක් සඳහා මීට ස්වල්ප මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට සම්ප්‍රාප්ත වූ බව ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසයි.

නීති විරෝධිව වැහිලිහිණි කූඩු 12ක් රැගෙන යාමට තැත්කළ 48 හැවිරිදි චීන ජාතිකයෙකු ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කිලිනොච්චි මුරුකණ්ඩි ප‍්‍රදේශයේදී වනඅලියෙකු වෑන් රථයක ගැටීමෙන් එම වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතරඅනතුරින් තවත් තිදෙනෙකු තුවාල ලබාකිලිනොච්චි රෝහලට ඇතුලත් කර ඇත.

ලොව වඩාත්ම හුරුබුහුටි සුනඛයා ඇතිදැඩි කරන්නේ හොලීවුඩ් නිළි පැරිස් හිල්ටන් විසින් බව අණාවරණය වෙයි.ලොව කුඩාම පොමනේරියන් වර්ගයක උසස් සුනඛයෙක් වන මෙම සත්වයා පැරිස් හිල්ටන් විසින් මිළදී ගෙන ඇත්තේ ඇමරිකානු ඩොලර් 13000 කට බව ද විදෙස් වාර්තා කියයි. (මෙම මුදල ශ්‍රිලංකා මුදලින් රුපියල් මිලියන 1.8 කට සමානය.)

ගණිකා වෘත්තියේ නියැළිමේ චෝදනාව මත අත් අඩංගුවට පත්වු ඉන්දීය නිළි ස්වේතා බාසු වෙනුවෙන් පෙනී සිටින බව සුපිරි නිළි දීපිකා පදුකෝන් කියයි.

කොල්ලුපිටියේ හෝටලයක ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් යන ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා 09දෙනෙකු අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන ඒකකය පවසයි.

අධ්‍යාපන චාරිකාවක් අතරතුර ඉස්ලාම් දේවස්ථානයක් තුළදී මුස්ලිම් සිසුන් හත්දෙනෙකු අපයෝජනය කර ඇතැයි චෝදනා ලැබ සිටින පුත්තලම වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එම්.එස්. සුල්කාත් මරික්කාර් යන අයට විදේශගතවීම වළක්වමින් පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් ෆසාල් අබුතාර් මහතා ආගමන විගමන පාලකවරයාට පෙරේදා (14) සවස තහනම් නියෝගයක් නිකුත් කළේය.

ආණමඩුව කාර්මික විද්‍යාලයේ පාඨමාලාවකට සහභාගී වී තවත් සිසුවියන් දෙදෙනෙකු සමග නිවස බලා යමින් සිටි සිසුවියක වෑන් රථයකින් පැමිණ කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඇති බවට එම සිසුවියගේ ඥාතීන් ආණමඩුව පොලීසියට ඊයේ (15දා) පැමිණිලි කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන බවට තමන් පළමුවරට චෝදනා කළේ වෙනත් පාර්ශ්වයක බලපෑම මත බව ඕස්ටේ‍්‍රලියානු විනිසුරු රෝස් එමර්සන් පවසයි.

නොරොච්චෝලේ බලාගාරයේ අයිතිය සහ පාලනය චීනයට පැවරීමේ කිසිඳු සැලසුමක් නොමැති බව රජය අවධාරණය කර සිටියි.

Connet With Us