සිසුන් 7කට අතවර කල මන්ත්‍රීට රටින් පිටවීම තහනම්

Published in පුවත්
Tuesday, 16 September 2014 10:31

අධ්‍යාපන චාරිකාවක් අතරතුර ඉස්ලාම් දේවස්ථානයක් තුළදී මුස්ලිම් සිසුන් හත්දෙනෙකු අපයෝජනය කර ඇතැයි චෝදනා ලැබ සිටින පුත්තලම වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එම්.එස්. සුල්කාත් මරික්කාර් යන අයට විදේශගතවීම වළක්වමින් පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් ෆසාල් අබුතාර් මහතා ආගමන විගමන පාලකවරයාට පෙරේදා (14) සවස තහනම් නියෝගයක් නිකුත් කළේය.

මන්ත්‍රීවරයාට එල්ලවී තිබෙන චෝදනාව පිළිබඳ වනාතවිල්ලුව ‍පොලීසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන අතරතුර ඔහු විදේශ ගතවීමට සූදානම් වන බවට ‍පොලීසියට තොරතුරක් ලැබි ඇත. ඒ අනුව වනාතවිල්ලුව ‍පොලීසිය කර ඇති ඉල්ලීමක් සලකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර ඇත.


සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ළමුන් අපයෝජනයට කර ඇති බව පැවැසෙන්නේ කප්පල්තුරේ ඉස්ලාම් දේවස්ථානයක් තුළදී බවට වැලිගම ‍පොලීසිය කරුණු අනාවරණය කරගෙන ඇත.


වනාතවිල්ලුව, කරතිව් ප්‍රදේශයේ මුස්ලිම් පාසලක සිසු සිසුවියන් පිරිසක් ඉකුත් 2 වැනිදා අධ්‍යාපන චාරිකාවක් සඳහා දකුණු පළාතට ගොස් ඇත. සිසුන් 53කු සිසුවියන් 35 දෙනෙකු මෙම චාරිකාවට එක්වී ඇත. සිසු සිසුවියන්ගේ ආරක්ෂාව සඳහා ගුරුවරුන් 5දෙනෙකු ගුරුවරියන් 6 දෙනෙකු සහ පාසල් සංවර්ධන කමිටුවේ සාමාජිකයින් තිදෙනකු මෙම චාරිකාවට සහභාගි වී ඇත. සැකකාර මන්ත්‍රීවරයාද චාරිකාවට එක්වී ඇත්තේ පාසල් සංවර්ධන කමිටු සාමාජිකයකු ලෙසිනි.


චාරිකාවේ පළමු දින ඔවුන් රැය පහන් කර ඇත්තේ වැලිගම- කප්පල්තුරේ පිහිටි ඉස්ලාම් දේවස්ථානයක් තුළය. එහිදී සැකකරු මෙම අපරාධය කර ඇත බව ‍පොලීසිය කියයි.


මෙම මන්ත්‍රීවරයා තම දරුවන්ට කර ඇති අපරාධය දැනගෙන ඇති අයෙකු ඒ බව පුත්තලම කොට්ඨාසභාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරීවරයා වෙත දැනුම් දී ඇත. ඉන් පසුව ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරීවරයාගේ නියෝගයෙන් වනාතවිල්ලුව ‍පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කරන ලදී.


චාරිකාවට එක්වූ ගුරුවරුන්ගෙන් මෙම පාසල් සිසුන්ගෙන්ද ‍පොලීසිය ප්‍රකාශ ලබාගෙන ඇත. එම ප්‍රකාශයන් අනුව සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අපරාධයක් සිදුකර ඇති බවට ‍පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත. ‍පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන අතරතුර සැකකාර මන්ත්‍රීවරයා ප්‍රදේශය අතහැර පලාගොස් ඇත.


ප්‍රබල ඇමැතිවරයෙකුගේ සහයෙන් ඔහු මේ වන විට ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රචාරණ කටයුතුවලට එක්වී සිටින බවට වූ තොරතුරක් ‍පොලීසියට මුලින්ම ලැබි ඇත. ඒ අතරතුර තවත් තොරතුරකින් දැනගැනීමට ලැබි ඇත්තේ සැකකාර මන්ත්‍රීවරයා ඌව මැතිවරණයෙන් පසුව රහසිගතව විදේශගතවීමේ සුදානමක් ඇති බවය. ඒ අනුව ක්‍රියාත්මක වී ඇති වනාතවිල්ලුව ‍පොලීසිය මේ බව අධිකරණයට දැනුම් දීමෙන් පසුව තහනම් නියෝගය නිකුත් කර ඇත.

(ජූඩ් සමන්ත)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us