අලි පැටියා මැරුණේ වලිගය කපපු නිසා නොවේ ලු!

Published in පුවත්
Monday, 15 September 2014 12:07

උඩවලව මවුආර ප‍්‍රදේශයේදී මඬේ එරී සිටි වන අලියෙකුගේ වලිගය කිසියම් අයෙකු විසින් කපාගෙන යාමේ පුවතක් ඉකුත්දා වාර්තා විය. තවත් වාර්තාවකින් කියැවුණේ එලෙස වලිගය අහිමි වූ වන අලියා පසුව මියගිය බවයි.

කෙසේ වෙතත් එම වන අලියාගේ මරණයට හේතුව කිසියම් අයෙකු විසින් වලිගය කපාගෙන යාම නොවන බව උඩවලව වනෝද්‍යාන භාරකරු කැළුම් පතිරණ මහතා අවධාරණය කර සිටියි.

එම වන අලියාගේ මරණය පිළිකාවක් වැනි වෙනත් රෝගයක් නිසා සිදුව ඇති බව ඔහු කියා සිටියේ ය.


'' ඇත්තටම ඒ වන අලියාගේ මරණයට හේතුව නැට්ට කපපු එක නෙවෙයි, පශු වෛද්‍ය වාර්තාවේ පැහැදිළිව තිබෙනවා, ඒ සතාගේ බඬේ විශාල ගෙඩියක් තිබුණා, ඒ සතාගේ පිලිකාවක් තිබෙනවා කියලා. ඒ සතා මඬේ එරිලා දුර්වල වෙච්චි සතෙක්. එම නිසා මේක මානුෂික කාරණාවක්. ඒ පුද්ගලයා නැට්ට කපන් ගියේ මඬේ එරිච්ච සතෙක්ගේ. මරණයට පත්වෙමින් අසාධ්‍ය වෙලා ඉන්න සතෙක්ගේ නැට්ටේ අග කොටස කපන් ගියේ. එහි පශු වෛද්‍ය වාර්තාව තවම එළියට ආවේ නැහැ. පරීක්‍ෂණය සිදු කරන අවස්ථාවේ අපේ නිලධාරීන් එම ස්ථානයේ සිටියා. නැට්ට කපා ගැනීම නිසා අලියා මැරුණ කියලා එළියට ගියපු හේතුව සම්පූර්ණයෙන්ම වැරදියි. නමුත් ඒක නෙවෙයි හේතුව. වෙනත් රෝගී තත්ත්වයක් හේතුවෙන් අලියා අසාධ්‍ය තත්ත්වයේ හිටියේ. '' යයි ඔහු වැඩිදුරටත් පැවසිය.


කෙසේ වෙතත් වනෝද්‍යානයක වෙසෙන සතුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට වනජීවි නිලධාරීන්ට රාජකාරිමය වගකීමක් පැවරී ඇත. ඉහත සිද්ධියේදී එම වගකීම පැහැර හැර ඇති බව ඇතැම් පාර්ශ්ව චෝදනා කරති.

අදාළ වන අලියාගේ වලිගය කපාගෙන ගිය පුද්ගලයාද තවමත් අත්අඩංගුව ගෙන හෝ හඳුනාගෙන නොමැත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us