'පොස්ටරයේ නම තිබුනට, සජිත් හොයාගන්න නෑ' - ඇමති පුෂ්ප කුමාර

Published in පුවත්
Monday, 15 September 2014 11:57

'සජිත් ඔබ අමතයි' කියා පෝස්ටර් ගසා තිබුනද, සජිත් ප්‍රේමදාස මහතා එම රැස්වීම වලට පැමිණ නැතැයි පොල් සංවර්ධන ඇමති ජගත් පුෂ්ප කුමාර මහතා පවසයි.

බුත්තල දිවිනැඟුම සතිපොළ ජනතා අයිතියට පත්කිරීමෙන් අනතුරුව පැවැති ජනහමුව අමතමින් මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කෙළේය.

එහිදී ඒ මහතා මෙසේද කීය.

‘පසුගියදා මේ ප්‍රදේශවල පොස්ටර් ගහලා තිබුනා සජිත් ඔබ අමතයි කියලා. ඒත් කිසිම සජිත් කෙනෙක් ආවේ නැහැ. නමුත් අපේ පක්ෂයේ නායකයෝ එහෙම නැහැ. නාමල් මන්ත්‍රීතුමා එනවා කිව්වා ආවා. ඒකතමයි අපේ පක්ෂය හා විරුද්ධ පක්ෂය අතර තිබෙන වෙනස. අපි දෙයක් කරනවයි කිව්වොත් ජීවිත පරිත්‍යාගයෙන් හරි කරනවා.


සමහරු කිය කියා යනවා අපි මැතිවරණ ආවමයි වැඩ කරන්නේ කියලා. මේ කියන අයට මේ වෙනතෙක් අපි කරලා තියෙන වැඩ පෙන්නේ නැත්තේ මේ අය අන්ධද කියන ප්‍රශ්නය අපිට තිබෙනවා. එම නිසා මම අපේ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබ මෙතෙක් කිසිඳු මැතිවරණයකදි එක්සත් ජනතා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරමින් තිබු වාර්තාව මෙවර මැතිවරණයදිත් ඒ ලෙසින්ම තබා ඌවේ ජනතාවගේ ශක්තිය පෙන්වමු කියා''

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us