ඡන්ද හිමි නාමලේඛනය අන්තර්ජාලයේ !

Published in පුවත්
Monday, 15 September 2014 11:45

මෙවර ඡන්ද හිමි නාමලේඛනය අන්තර්ජාලයෙන් ප‍්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවත්, එ් අනුව ඡන්ද හිමි නාමලේඛනයේ නම ඇතුළත් දැයි සිය වෙබ් අඩවියට පිවිසීමෙන්ද දැනගත හැකි වන බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා කියා සිටියි.

මීළඟ ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය බොහෝ විට ලබන වසරේ පැවැත්වෙනු ඇතැයි ඉඟි පළ කරන මැතිවරණ කොමසාරිස්වරයා ඒ බව කියා සිටියේ, 2014 ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කිරීමේ වැදගත්කම අවධාරණය කරමිනි.

'' ඡන්ද ලැයිස්තුවේ නම තිබුණොත් විතරයි ඡන්දේ දාන්න පුළුවන්. ඡන්ද ලැයිස්තුවේ නම් නැතිව මැතිවරණ කොමසාරිස්ටවත් ග‍්‍රාම නිලධාරිටවත් බනින්න එපා. මොකද අපට ඇහෙනවා කස පුපුරණ සද්දෙයි, ගිනිබෝල කරකවන ඒවායි එළියයි. නිල දැනුම්දීමක් නැහැ පෙරහැර අද පැවැත්වෙනවයි කියලා. එහෙත් කස පුපුරන එක, ගිනි බෝල හදන එක, නැටුම් පුරුදුවෙන එක පේනවා. එසේ නම් පෙරහැර එන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් මේ ඡන්ද ලැයිස්තුවෙන් තමයි. මේ ඡන්ද ලැයිස්තුවේ නම නැති වුණොත් ටෙස්ට් මැච් එකට ඡන්දෙ නැහැ. ''


2014 ඡන්ද හිමි නාමලේඛනය සැකසීම මේ වන විට අවසන් අදියරට එළැඹ ඇතැයිද පැවසු මැතිවරණ කොමසාරිස්වරයා, කෙසේ වෙතත් ඊට නම ඇතුළත්ව නැති ඡන්ද දායකයන්ට සිය නමද ඊට ඇතුළත් කර ගැනීම සඳහා තවමත් අවස්ථාව තිබෙන බවද කියා සිටියේ ය.


''2014 ඡන්ද හිමි නාමලේඛනයට අයදුම්පත් භාරගැනීම, ඡන්ද ලැයිස්තුවේ නම් නැති අයට තමන්ගේ කඩදාසි භාර දෙන්න බැරි වෙච්චි අයට, නම් කැපිච්ච අය සැප්තැම්බර් 30 වෙනිදාට කලින් අයදුම්කරන්න ඕනි. ඒ නාම ලේඛනයේ පිටපත් අපි ග‍්‍රාම නිලධාරී කාර්යාලවල ප‍්‍රදර්ශනය කරනවා...'' යයි ප‍්‍රකාශ කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us