subash
දෙමාපියන් ඉගෙනීමට බලකළ නිසා, සිසුවා දිවි නසා ගෙන
කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබියදී සොයාගත් තලවකැලේ ශාන්ත පැට්‍රික් දෙමළ විදුහලේ ඉගෙනුම ලැබූ සිසුවාගේ මරණය මිනී මැරුමක් නොව සිය දිවි නසා ගැනීමක් බව පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇති බව ලිඳුල පොලිසියේ නිලධාරියෙක් සඳහන් කළේය.
පාසල් යාම සඳහා නිල ඇඳුමින් සැරසී උදෑසන නිවසින් පිටව ගිය එකම පවුලේ බාලවයස්කාර පාසල් ළමුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු පෙරේදා (09) උදෑසන සිට ආගිය අතක් නොමැති බව කියමින් එම දරුවන්ගේ දෙමාපියන් රාජාංගනය පොලීසියට 10 වනදා (ඊයේ) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. නමුත් මේ වන විට එම දරුවන් තිදෙනා නිවෙස් වලට පැමිණ ඇති බව සැලය.
වසර 20 ක් විපක්ෂයේ සිට දුක් විදපු එක්සත් ජාතික පාක්ෂිකයන් ජයග්‍රහණය කිරීමට උත්සාහ ගනිද්දී ඒ රාජා මේ රාජ මහාරාජ වැනි මේ තුට්ටු දෙකේ මාධ්‍ය මුදලාලිලා හැම විටම කටයුතු කළේ එය වැලැක්වීමට බවත් ඒ සදහා සිවුරු හැදගත් අයත් සිවුරු හැද නොගත් අයත් එකතු කොටගෙන ආණ්ඩුව සතුටු කිරීමට කටයුතු කළ බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි. මංජුල වෙඩිවර්ධනගේ ''නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක‘‘ එළිදකී
මංජුල වෙඩිවර්ධනගේ 6වැනි කාව්‍ය සංග්‍රහය ‘නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක’ නමින් මුද්‍රණ ද්වාරයෙන් එළි දැක ඇත. ‘සම’ ප්‍රකාශනයක් ලෙස එළිදැක ඇති අභිනව කාව්‍ය සංග්‍රහය කවි 50කින් සමන්විතය.
විශාරද ගුණදාස කපුගේ නම් වූ ඒ විශිෂ්ට ගායකයා ඔබට කිසිසේත් අමතක නැතුව ඇති. ඔහු පිළිබදවත් ඔහුගේ ගායන හැකියාව පිළිබදවත් සමාජයේ කතාබහ වූවාට කපුගේ මහතාගේ පවුලේ තොරතුරු ඔහු මිය යනතුරුම සමාජයේ කතාබහ වූයේ නැහැ.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශූ වෛද්‍ය නිලධාරීන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පීඩාකාරි වන අලි අල්ලා වනෝද්‍යාන වෙත මුදා හැරීමේ මෙහෙයුම් නතර වී තිබේ.
මෝසෙස් ස්වකීය මිසරවාසීන් සමඟ (මිසරය තුළ වහලුන් වූ සැබෑ භූමියෙන් වියුක්ත වූ වාසීන් සමඟ) පොරොන්දු දේශය නම් වූ තම නිජබිම සොයා විප්‍රවාසී වූ කල, මෝසෙස් දෙවියන් සමඟ ගණුදෙනු කළේය. ඔව්!! දර්ශනයට අනුව නම් වාස්තවික විඤ්ඤාණය සමඟය. මෝසෙස් ස්වකීය සහෝදර දේශවාසීන් වෙනුවෙන්ම දෙවියන්වහන්සේ සමඟ ගනුදෙනු කළේය. ඔහු එලෙස තම සහෝදර දේශවාසීන් අතර දෙවියන්වහන්සේගේ මැදහත් පණිඩිඩකරුවා වූ බව බයිබලයෙහි නික්මයාම ග්‍රන්ථයෙහිත් ඉන් පෙර ග්‍රන්ථය වන උත්පත්තියෙහිත්(නික්ම යෑම සමඟ සසඳා බැලීමේදී ඉතා කෙටියෙන්) සඳහන් වේ. මෝසෙස් දෙවියන්වහන්සේගේ ආලෝකය දුටුවේය. ‘දෙවියන් මෙසේ කරන්නට කීවා. මේවා නොකරන්නට යැයි කීවා. උන්වහන්සේ අද මා සමඟ මෙවැනි දේවල් කීවා‘ යනුවෙන් මෝසෙස් තම විප්‍රවාසී සහෝදර සහෝදරියන් අතර මැදහත් පණිවිඩකරුවා බවට පත් වූ අයුරු බයිබලයෙහි උක්ත ග්‍රන්ථයන්හි සඳහන් වේ.
කච්චතිව් දූපත ඉන්දියාවට ගන්නැයි ජයලලිතා මෝදිට කියයි
ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉන්දීය ධීවරයින්ට දිගින් දිගටම සිදුවන හිරිහැර නතර කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.මම කියන්න උත්සාහකරන්නෙ වර්තමාන ධනපතියන්ගේ සැබෑ කතාවයි
ලාංකේය සාහිත්‍යයයේ නමක් තැබු ඔහු මාගම් සෝලිය, ලොවීනා යන නවකතා වලින් ඔහු අපව සාහිත්‍යමය වශයෙන් සන්තර්පණය කළා. ඔහු මොහාන් රාජ් මඩවල. මේ කතා බහ ඔහුගේ ආදරණිය වික්ටෝරියා ගැන කතා කරන්නමයි.
