16 හැවිරිදි මෙම සිසුවාගේ මරණය සැක සහිත බැවින් ඊට කිසිදු පියවරක් ලිඳුල පොලිසිය විසින් නොගෙන ඇති බව පවසමින් එම ප්‍රදේශවාසීන් පසුගිය දින උද්ඝෝෂණයක පවා නියැළුණි.
මෙම දරුවා හට මවුපියන් විසින් නිතර නිතර ඉගෙනීම් කටයුතු සඳහා බල කිරීම් කරනු ලබන බවත්, ඒ හේතුවෙන් ඔහු මවුපියන්ගෙන් එල්ලවන මෙම පීඩනය හමුවේ මහත් ලෙස මානසික අපහසුතාවකට පත්ව ඇති බවටද පොලිසියට අනාවරණය වී තිබේ.
මෙම පීඩනය දරා ගැනීමට නොහැකිව එම දරුවා නිවෙසින් පිටව ගොස් කොත්මලේ ජලාශයට පැන ඇති බවත් පොලිසිය පවසයි.
පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී එම දරුවාගේ බාහිර සිරුරේ හෝ සිරුර අභ්‍යන්තරයේ කිසිදු තුවාලයක් සිදු නොවී ඇති බවට අනාවරණය වී ඇති බවත්, ඔහු මිය යෑමට ප්‍රථමයෙන් නිවෙසේදී ආහාරයට ගනු ලැබූ බත් සහ පරිප්පුද ආමාශයේ තිබී මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වූ බවත් එම නිලධාරියා කීය.
ගම්වැසියන් මේ සිද්ධියට අදාළව පොලිසියට චෝදනා නැඟුවද මෙම දරුවා අතුරුදන් වීමට අදාළ පැමිණිල්ල පොලිස් නිලධාරීන්ම ගොස් එම නිවැසියන්ගෙන් අදාළ කරුණු විමසා පැමිණිල්ල සටහන් කරගෙන ඇති බවද ඔහු කීය.
මෙම දරුවා නිවෙසින් බැහැර කිරීමට තියා සෙල්ලම් කිරීම සඳහාවත් මවුපියන් විසින් ඔහු පිටත් කර නොමැති බවත්, දරුවා නිවෙස තුළම රඳවා ගනිමින් ඉගෙනීමට පමණක් ඔහුගේ මනස හැඩගස්වා ඇති බවටද පොලිසියට අනාවරණය වී ඇත.
දෙමාපියන් ඉගෙනීමට බලකළ නිසා, සිසුවා දිවි නසා ගෙන
කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබියදී සොයාගත් තලවකැලේ ශාන්ත පැට්‍රික් දෙමළ විදුහලේ ඉගෙනුම ලැබූ සිසුවාගේ මරණය මිනී මැරුමක් නොව සිය දිවි නසා ගැනීමක් බව පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇති බව ලිඳුල පොලිසියේ නිලධාරියෙක් සඳහන් කළේය.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රීලංකාව සමත් වෙයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත් වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසි...

