රාජාංගනයේ සිසුන් යළි පැමිණේ !

Published in පුවත්
Thursday, 11 September 2014 09:37

පාසල් යාම සඳහා නිල ඇඳුමින් සැරසී උදෑසන නිවසින් පිටව ගිය එකම පවු‍ලේ බාලවයස්කාර පාසල්  ළමුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු පෙරේදා (09) උදෑසන සිට ආගිය අතක් නොමැති බව කියමින් එම දරුවන්ගේ දෙමාපියන් රාජාංගනය ‍පොලීසියට 10 වනදා (ඊයේ) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. නමුත් මේ වන විට එම දරුවන් තිදෙනා නිවෙස් වලට පැමිණ ඇති බව සැලය.

එම සිසුන් වන්නේ තඹුත්තේගම, රාජාංගණය, යාය 10, විදුහ‍ලේ නම වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සුපුන් ජයමාල් (14), නිලංග ප්‍රබෝද් (14) එම විදුහලෙහිම 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ගිහාන් අමල්සු මධුරංග (12) සිසුන් තිදෙනාය. 


 මෙම දරුවන් රාජාංගණය යාය 15, පහළ මාරගහවැව පදිංචිකරුවන් ය.  නිලංග ප්‍රබෝද් හා ගිහාන් අමල්සු මධුරංග යන සිසුන් දෙදෙනා සොහොයුරෝය.

 එකම පවු‍ලේ සිසුන් දෙදෙනාගේ පියා යුද හමුදාවේ සේවය කරන්නෙකු වන අතර අනෙක් දරුවාගේ පියා ගොවිතැන් කටයුතුවල නිරත බව ‍පොලීසිය අනාවරණය කරගෙන තිබේ.


ඔවුන් තිදෙනා අඟහරුවාදා (09) උදෑසන පාසල් යන බව පවසා නිවසින් පිටව ගොස් ඇතත් ඊයේ (10) උදෑසන වනතුරුත් නිවසට නොපැමිණි නිසා දෙමාපියෝ රාජාංගණය ‍පොලීසියට පැමිණිලි කර තිබුණි.


පැමිණිල්ල සම්බන්ධයෙන් රාජාංගණය ‍පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඔවුන් උදෑසන පාසලට නොගොස් එදින රාජාංගණය යාය 08 ප්‍රදේශයේ සැරිසරා ඇති බවත් පසුව රාජාංගණය හන්දිය ප්‍රදේශයේ පාට ඇඳුමින් සැරසී මෙම දරුවන් සිටින අයුරුත් ප්‍රදේශවාසියකු දැක ඇති බව ‍පොලීසියට සැලවී අැත.  

ඉන්පසු එදිනම සවස 3.30ට පමණ රාජාංගණය ඇද බෝක්කුව ප්‍රදේශයෙන් මොවුන් පාපැදිවලින් ගමන් ගන්නා අයුරු තවත් පුද්ගලයකු දැක ඇති බවට ‍ද පොලීසියට තොරතුරු ලැබි තිබුණි. 

ඉන්පසු ඔවුන් පිළිබඳව කිසිදු තොරතුරක් ඊයේ (10) පස්වරුව වනවිටද නොලැබුණු බව ‍ද පොලීසිය පැවසුවේය


තඹුත්තේගම කොට්ඨාසභාර ‍පොලිස් අධිකාරි ජේ.යූ. රාමවික්‍රම මහතාගේ උපදෙස් මත රාජාංගණය ‍පොලීසියේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක
බණ්ඩාර විජේකෝන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළේය. මේ පිළිබඳව රාජාංගණය යාය 10 හරිස්චන්ද්‍ර විදුහ‍ලේ විදුහල්පතිනි වී.එම්. අතරගේ මහත්මිය පැවසුවේ

 “මෙතැන සිසුන් පැහැර ගැනීමක් වෙලා නැහැ. මේ ළමයි තුන්දෙනා 09 දින පාසලට ඇවිත් නැහැ. පාසල් එනවා කියලා ගෙදරින් ඇවිත් පාට ඇඳුම් ඇඳගෙන පාපැදිවලින් සැලසුම් කරපු ගමනක් ගිහින්. අපේ පාස‍ලේ ළමයි දැකලා තියෙනවා මේ තුන්දෙනා පෙරේදා යාය 17 ප්‍රදේශයේ ඉන්නවා. ප්‍රදේශවාසීනුත් දැකලා තියෙනවා. අනිත් කාරණය තමයි මේ ළමයි ගිය සතියෙත් දවස් තුනක් විතර පාසල් ඇවිත් නැහැ.”


රාජාංගණය ‍පොලිස් ස්ථානාධිපති (‍පො.ප.) බණ්ඩාර විජේකෝන් මහතා.


“මෙතැන ළමයි පැහැර ගැනීමක් වෙලා නැහැ. මේ අය පාට ඇඳුම් ඇඳගෙන යාය 17 ප්‍රදේශයේ ඉන්නවා සමහරු දැක තියෙනවා. මේ අයගේ දෙමාපියන් මේ දරුවන් පාසල් යනවා කියා ගිහින් නිවෙස්වලට ආවේ නැහැ කියලා ‍පොලීසියට පැමිණිලි කරලා තියෙනවා.”

කෙසේ වෙතත් අදාළ සිසුන් තිදෙනා ඊයේ රාත්‍රී සිය නිවෙස් වෙත පැමිණ ඇති බව දැනගන්නට ලැබී ඇත.

Last modified on Thursday, 11 September 2014 10:39

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us