එජාපය, මහ රජාලගේ කුමන්ත්‍රණවලට යටවෙන්නේ නැහැ

Published in පුවත්
Wednesday, 10 September 2014 15:30
mangala-samaraweeraවසර 20 ක් විපක්ෂයේ සිට දුක් විදපු එක්සත් ජාතික පාක්ෂිකයන් ජයග්‍රහණය කිරීමට උත්සාහ ගනිද්දී ඒ රාජා මේ රාජ මහාරාජ වැනි මේ තුට්ටු දෙකේ මාධ්‍ය මුදලාලිලා හැම විටම කටයුතු කළේ එය වැලැක්වීමට බවත් ඒ සදහා සිවුරු හැදගත් අයත් සිවුරු හැද නොගත් අයත් එකතු කොටගෙන ආණ්ඩුව සතුටු කිරීමට කටයුතු කළ බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි. 
 ඔහු මේ බව සදහන් කර සිටියේ අද (10) සිරිකොත පක්ෂ මූලාස්ථානයේ පැවැති  පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. 
 
වැඩිදුටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂය මේ දුර්ධාන්ත පාලනය නැති කිරීම සදහා ගෙන යන වැඩපිලිවෙලේදී අපේ ලකුණ අපේ පාටට කොටු වුවහොත් මේ දුර්ධාන්ත පාලනය පරාජය කිරීමට නොහැකි බවයි.   
 
 එක් පැත්තකින් එක්සත් ජාතික පක්ෂය එක්සේසත් කරන ගමන්ම අනෙක් පැත්තෙන් මේ ක්‍රමයට විරුද්ධවන සියලු දෙනා එකතු වන වේදිකාවක් නිර්මාණය කොටගතයුතු බවත් එය නිර්මාණය කරමින් පවතී
 
එහිදී පක්ෂය පාට සලකුණ වශයෙන් වෙන් වුවහොත් මෙය පරාජය කළ නොහැකි බවත් සදහන් කර සිටියේය. එසේම මෙවැනි අවස්ථාවන්හිදී මිතුරු වේශයෙන් සිටින සතුරන්ද හදුනාගත යුතු බව දැක්වූ මන්ත්‍රීවරයා පවසා සිටියේ විපක්ෂ නායකවරයා සද්භාවයෙන් එක්සත් ජාතික පක්ෂය එකතු කොට ආණ්ඩුවට විරුද්ධව මෙම ගමන දියත් කරද්දී එයට බිය වූ පුවත්පත් මාධ්‍ය ආයතන එය කඩාකප්පල් කිරීම සදහා උත්සාහ ගනිමින් සිටින බවත් සදහන් කර සිටියේය.
 
එහෙත් මාධ්‍ය වේදීන් මෙහිදි මංගල සමරවීර මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ සිරස හා මව්බිම මාධ්‍ය ආයතන නොමැතිව මැතිවරණ ජයග්‍රහණය කළ නොහැකි බවට එක්සත් ජාතික පක්ෂ ජ්‍යේෂ්ඨයින් පවා පවසා සිටින බවය.ඊට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා පවසා සිටියේ 1977 ජේ.ආර්.ජයවර්ධන 6/5ක බලයක් ගත්තේ එකදු මාධ්‍ය ආයතනයක් හෝ නොමැතිව බවත් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය වෙනුවනේ විකල්ප ක්‍රමවලට යොමුවිය යුතු බවය.  
 
තවත් පැනයක් යොමුකළ මාධ්‍යවේදියෙකු විමසා සිටියේ පසුගිය දා විදේශගත වීම සිදුකරනු ලැබූවේ එක්සත් ජතික පක්ෂයේ නියෝජ්‍ය නායකකම සජිත් ප්‍රේමදාසට දීමට විරුද්ධ වී ආණ්ඩුවට එක්වීම සදහාද යන්නය. එයට පිළිතුරු දුන් ඔහු සදහන් කොට සිටියේ මෙම විදෙස් සංචාරය මාස එක හමාරක සිට විපක්ෂ නායකවරයා දැනුවත් කරමින් සූදානම් කළ එකක් බවත් තමාට ඌව මැතිවරණයට එම සංචාරයෙන් අනතුරුව කටයුතු කරන ලෙස පක්ෂයට දන්වා සිටි බවත් සදහන් කළේය. මේ සම්බන්ධයෙන් පෙරකී මාධ්‍ය මුදලාලිලා කුමන ප්‍රකාශයන් නිකුත් කළත් තමා ඒවා කිසිවක් ගණන් නොගන්නා බවත් සදහන් කොට සිටියේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us