ඒ මෙම වැඩසටහන හේතුවෙන් ප්රදේශයේ සාමයට බාධාවක් වන බව පවසමින් පොලිසිය කළ ඉල්ලීමකට අනුව අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත.
සතුරුකොන්ඩාන්, පිල්ලේයාර්ඩි, ඉටිපන්දම් හන්දියේ ඊයේ(09) සවස 5.00ට මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
ඒ සඳහා පොන් සෙල්වරාසා, පී ආරියනේන්ද්රන්, සී. යෝගේෂ්වරන් යන පා.මන්ත්රී ඇතුළු 25 දෙනෙකු සහභාගි වී ඇති අතර අනතුරුව ඔවුන් එම සැමරුම ප්රදේශයේ විරප්පකාලී අම්මාන් කෝවිලට ගොස් පවත්වා තිබේ.