subash

subash

රුසියානු විපක්ෂ නායක බොරිස් නෙම්ස්ටෝව් (Boris Nemstov) ඊයේ රාත්‍රියේ මධ්‍යම මොස්කව් නුවරදී නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක් වී තිබේ.

රාජ්‍ය තන්ත්‍රයේ හට ගැනෙන වංචා දූෂණ මර්දනයට රජයේ ප්‍රධාන වංචා දූෂන විමර්ශන තනතුරක් ඇති කිරීම සඳහා ජාතික හෙළ උරුමය යෝජනා කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිලිබඳ මහලේකම්, ජෙෆ්රී ෆෙල්ට්මන් මහතා අද(28) ශ‍්‍රී ලංකාව පැමිණීමට නියමිතය. නව රජය බලයට පත්වීමෙන් පසුව මෙරට ඇති වී තිබෙන සමාජ, ආර්ථික හා දේශපාලන ප‍්‍රවණතාවන් හඳුනාගැනීම ඔහුගේ සංචාරයේ අරමුණවේ.

වර්ෂ 2001 - 2004 කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස කටයුතු කළ සී. වී. විග්නේෂ්වරන් මහතා 2013 වසරේ පැවැති උතුරු පළාත් සභා මැතිවරණයෙන් එහි මහඇමැති ධූරයට පත්විය. දෙමළ ජනයාට සිදුවී ඇතැයි කියන අසාධාරණකම කියාපාන කරුණු ඇතුළත් විශේෂ යෝජනාවක් මහඇමැතිවරයාගේ මූලිකත්වයෙන් උතුරු පළාත් සභාව විසින් අනුමත කර ගන්නා ලදී. එම යෝජනාව නිසා උතුරු පළාත සම්බන්ධයෙන් රටේ පැවැති දේශපාලන අදහස් වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. මේ පිළිබඳව මහඇමැති විග්නේෂ්වරන් මහතාගෙන් කරුණු විමසන ලද සාකච්ඡාවකි මේ.

රජයේ සේවකයන්ට පෙබරවාරි මස වැටුපට රජය ලබාදුන් රුපියල් 5000 දීමනාව මූලික වැටුපට එකතු කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරය හා වැටුප් කොමිෂන් සභාව එක්ව සාකච්ඡා පවත්වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජිනසිරි දඩල්ලගේ මහතා කීය.

මැඩගස්කරයට ගංවතුර

Published in විදෙස්
Saturday, 28 February 2015 09:57

මැඩගස්කරයේ ඇන්ටනැනරිවෝ අගනුවරට බලපෑ ගංවතුරින් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් විසිහතරදහසක් පමණ අවතැන්ව තිබෙන බව වාර්තා වේ.

බස්‌නාහිර පළාත් සභාවේ අමාත්‍ය ධුර දෙකක්‌ එක්‌සත් ජාතික පක්‍ෂය වෙත ලබාදීම සම්බන්ධව අවධානය යොමුව ඇතැයි කළුතර දිස්‌ත්‍රික්‌කයේ කැබිනට්‌ ඇමැතිවරයකු එම සභාවේ සන්ධාන මන්ත්‍රීවරුන් කිහිප දෙනකු වෙත පවසා ඇත.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චීන ව්‍යාපෘති සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ලබන්නේ එරට රජය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව ආණ්ඩුව අවධාරණය කරයි. අපේ රට සෑම විටම චීන ආයෝජකයන් සාදරයෙන් පිළිගන්නා අතර කුමන රටකින් පැමිණිය ද විදේශීය ආයෝජකයන් සඳහා සමාන අවස්ථා සහ පහසුකම් ලබාදීම වත්මන් ආණ්ඩුෙව් අරමුණ බවද විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

තම ජාතියට සිදුවූයේ කුමක්දැයි හෙළිදරව් කිරීමට තමන් ගත් ක්‍රියාමාර්ගය ජාතිවාදයක් ලෙස අගමැතිවරයා විසින් අර්ථ දක්වනු ලැබීම අතිශයින්ම ඛේදජනක යැයි ද, සත්‍යය ප්‍රකාශ කිරීම කිසි දිනෙක ජාතිවාදයක් ලෙස හැඳින්විය නොහැකි යැයි ද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටී.

ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ අමෙරිකාව අතර පවතින සබඳතා පළුදු වීමේ තත්ත්වයක් මතු වී තිබෙනවා.

Connet With Us