චීන ව්‍යාපෘති කරනවද නැද්ද චීනය සමඟ කතාවෙන් පසුවයි

Published in පුවත්
Saturday, 28 February 2015 07:57

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චීන ව්‍යාපෘති සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ලබන්නේ එරට රජය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව ආණ්ඩුව අවධාරණය කරයි. අපේ රට සෑම විටම චීන ආයෝජකයන් සාදරයෙන් පිළිගන්නා අතර කුමන රටකින් පැමිණිය ද විදේශීය ආයෝජකයන් සඳහා සමාන අවස්ථා සහ පහසුකම් ලබාදීම වත්මන් ආණ්ඩුෙව් අරමුණ බවද විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

චීනයේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු ඇමැතිවරයා මේ බව සඳහන් කළේ බීජිං නුවර දී විදේශ මාධ්‍ය අමතමින් බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. චීන රජයේ ආධාර මත ක්‍රියාත්මක වරාය නගර ව්‍යාපෘතිය පමණක් නොව අනෙකුත් ව්‍යාපෘති සම්බන්ධයෙන් ද සොයා බලන බව ප්‍රකාශකර තිබෙන ඒ මහතා ඉදිරියේ දී රටට පැමිණෙන ආයෝජන පිළිබඳව තීරණයක් ගනු ලබන්නේ ඵලදායිතාවය සහ අදාළ සුදුසුකම් අනුව බවද හෙතෙම පෙන්වා දෙයි.

මේ අතර නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගිය විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා අද (28) එරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ඒ අනුව චීන කොමියුනිස්ට් පක්ෂයේ වැන්ග් ෂියා සහ එරට වාණිජ කටයුතු ඇමැති ගාඕ වියුචේන් (Gao Hucheng) මහත්වරු හමුවී සාකච්ඡා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

චීන විදේශ කටයුතු ඇමැති වැන්ග් ඊ (Wang Yi) මහතාගේ ආරාධනයකට අනුව විදේශ කටයුතු ඇමැතිවරයා චීනය බලා පිටත්ව ගිය අතර එම සංචාරය දෙරටටම වැදගත් වනු ඇතැයි ද එම අමාත්‍යාංශය කියයි. එම සංචාරයේ දී ශ්‍රී ලංකාව සහ චීනය අතර තිබෙන ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට නියමිත අතර මංගල සමරවීර මහතා සිය සංචාරය අතරතුර චීන විදේශ කටයුතු ඇමැති වැන්ග් ඊ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ නව රජය බලයට පත් වීමෙන් පසු චීනයේ නිල සංචාරයක යෙදෙන පළමු ඇමැතිවරයා මංගල සමරවීර මහතා වන අතර එම සංචාරය තුළදී විදේශ ඇමැතිවරයා දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. අසල්වැසි මිත්‍ර රටක් ලෙස ශ්‍රී ලංකාව සමඟ සබඳතාවලට චීනය වැඩි අවධානයක් යොමු කර තිබෙන අතර චීනයේ සහකාර විදේශ ඇමැති Liu Jianchao මහතා එරට ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස පසුගිය දා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන මාර්තු මාසයේ චීනයේ නිල සංචාරයක ‍නිරත වීමට නියමිතව තිබේ.

 

mangal-chinamangal-china-2mangal-china-3

Last modified on Saturday, 28 February 2015 08:06

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us