'සත්‍යය ඉල්ලා සිටීම ජාතිවාදය නොවේ' - රනිල්ට විග්නේස්වරන්ගෙන් පිළිතුරක් Featured

Published in පුවත්
Friday, 27 February 2015 17:10

තම ජාතියට සිදුවූයේ කුමක්දැයි හෙළිදරව් කිරීමට තමන් ගත් ක්‍රියාමාර්ගය ජාතිවාදයක් ලෙස අගමැතිවරයා විසින් අර්ථ දක්වනු ලැබීම අතිශයින්ම ඛේදජනක යැයි ද, සත්‍යය ප්‍රකාශ කිරීම කිසි දිනෙක ජාතිවාදයක් ලෙස හැඳින්විය නොහැකි යැයි ද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටී.

"සත්‍යය ජනතාවට හෙළිදරව් කළහොත් පමණක් සැබෑ සහජීවනයක් ඇතිවිය හැකි බව වටහාගත යුතුයි" අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වින්නේශ්වරන් වැඩි දුරටත් පවසයි.

උතුරු පළාත් සභාව විසින් ඒකමතිකව සම්මත කරගන්නා ලද වර්ග සංහාරය පිලිබඳ යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා දැඩි විවේචනයට ලක් කළේය. 'යහපාලන ආණ්ඩුවට අභියෝග කිරීමට සුදානම් නොවන ලෙසත්, ජාතිවාදීන්ට ලබාදෙන අවසන් අවස්ථාව මෙය බවත්' අග්‍රාමාත්‍යවරයා එහි දී ප්‍රකාශ කළේය.

'ප්‍රති සන්ධානයට මග සත්‍යය තහවුරු කිරීමයි'

මීට පිළිතුරු සපයන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සිය ජනතාවට සිදුවූ ඛේදවාචකය හෙළි කිරීම ජාතිවාදයක් ලෙස අගමැතිවරයා විසින් හුවාදැක්වීම ගැන කණගාටුව පළකර සිටියි. 'සත්‍ය හෙළිදරව් කිරීම, ඒ පිළිබඳ කතා කිරීම කිසි කලක ජාතිවාදයක් නොවන්නේ යැයි පෙන්වා දෙන ඔහු සිය ලිපියේ වැඩි දුරටත් මෙසේ ද කියා සිටියි: "ජාතිවාදය යන්නෙහි යථා ස්වරුපය කුමක්දැයි උතුරු පළාත් සභාවේ සම්මත කැරුණු යෝජනාවෙන් අපි ඉතාම පැහැදිලිව පෙන්වා දී ඇත්තෙමු. හොඳ හිත ඇතිකළ හැක්කේ සත්‍යය තහවුරු කිරීමෙන් පමණි. දකුණු අප්‍රිකාව එම ක්‍රියාවලිය සත්‍යය හා ප්‍රතිසන්ධාන කොමිසම ලෙස නම් කළේ ඒ හෙයිනි. සත්‍යය පළමුව පැමිණෙන අතර, ප්‍රතිසන්ධානය පැමිණෙන්නේ ඒ පසුපසිනි.

"ඔබට හිතවත් ජාත්‍යන්තරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විසින් එළිදැක්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව ගැන යුධ අපරාධ වාර්තාව කල්දමන්නට,කටයුතු කරන බව ඇමෙරිකානු නියෝජිතයන් සමග කතාබහේ දී අපට දැනගන්නට ලැබිණ. වර්ග සංහාරය පිළිබඳ අපගේ යෝජනාව ඉදිරිපත් කරන්නට අප තීරණය කරන ලද්දේ ඉන් පසුව ය. අපි, අපේ ස්ථාවරය සියල්ලන්ටම මේ මගින් පැහැදිළිව දැනුම් දී ඇත්තෙමු. මේ අවස්ථාවේ මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ, කරත්තය ඉදිරියට දමා අශ්වයා පිටුපස සඟවා සිටීමක් බඳු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ තීරණය කලින්ම අප දැනගත් නිසාවෙනි.

"අප සම්මත කරගනු ලැබූ වර්ග සංහාර යෝජනාවට ජාත්‍යන්තර ප්‍රජාව කනේ පහරක් දුන් බවට අගමැතිවරයා කළ ප්‍රකාශය අප විමතියට පත් කරයි. එය අපට පෙනෙන්නේ, දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නැයි අප කළ ඉල්ලීමට අගමැතිවරයාගේ ප්‍රතිචාරය ලෙසයි . දකුණේ කිසිවකුගෙන් සැබෑ සහජීවනයක් බලාපොරොත්තු විය නොහැකියයි අපේ ජනයා අතර ඇති සිතිවිල්ල සනාථ කිරීමට අගමැතිවරයාද උත්සාහ කරන බවක් මට හැඟී යයි.

'ජාතිවාදය එපා කියමින් ජාතිවාදය ඇවිස්සීම'

2000 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග විසින් පාර්ලිමේන්තුවට ගෙනඑන ලද හොඳ මට්ටමේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවට රට පිළිබඳව නොසිතා විරෝධය පාමින් පාර්ලිමේන්තුව තුළදී ගිනි ලබන ලද්දේ කවුරුන්දැයි අගමැතිවරයාට මතක් කරදීමට අවශ්‍ය නොවන බව තම කල්පනා කරන්නේ යැයි සඳහන් කරන මහ ඇමති විග්නේස්වරන් මෙසේද කියා සිටියි.

"අපේ ජනයා බහුතරයක් අතර වර්ධනය වී ඇති ඒ සිතිවිල්ල මම විශ්වාස නොකරමි. මන්ද යත්, ඇත්තෙන්ම සිංහල ජනයා යහපත් මිනිසුන් යැයි මා විශ්වාස කරන හෙයිනි. ඔවුන් වැරදි මාර්ගයේ රැගෙන යන්නේ ඔවුන්ගේ දේශපාලන නායකයින් විසිනි. කෙටි කාලීන දේශපාලන වාසි තකා ඔවුහු මෙවැනි දේවල් කරති. රට පිළිබඳව කිසිදා ඔවුහු කල්පනා නොකරති. අගමැතිතුමනි! ජාතිවාදය එපා කියමින්, ජාතිවාදය ඇවිස්සීමට ඔබම කටයුතු කිරීමෙන් වළකින ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිමු.

එමෙන්ම, පසුගිය ජනාධිපතිවරණයෙදී අපේ ජනතාව ඔබට දැක්වූ අති විශාල සහයෝගය ඔබ අමතක නොකරනු ඇතැයි අපි තව දුරටත් විශ්වාස කරන්නෙමු."☐

© JDS

Last modified on Friday, 27 February 2015 17:10

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us