එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු මහලේකම් දිවයිනට

Published in පුවත්
Saturday, 28 February 2015 10:44

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිලිබඳ මහලේකම්, ජෙෆ්රී ෆෙල්ට්මන් මහතා අද(28) ශ‍්‍රී ලංකාව පැමිණීමට නියමිතය. නව රජය බලයට පත්වීමෙන් පසුව මෙරට ඇති වී තිබෙන සමාජ, ආර්ථික හා දේශපාලන ප‍්‍රවණතාවන් හඳුනාගැනීම ඔහුගේ සංචාරයේ අරමුණවේ.

මාර්තු මාසයේදී ජිනිවා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වන විමර්ශණ වාර්තාව තවත් මාස 6 කින් ප‍්‍රමාද කිරීමට ජගත් සංවිධානය ගත් තීරණය කෙරෙහි රජයක් සහ රටක් වශයෙන් දක්වා ඇති අවධානය විමසා බැලීමටද ඔහු උනන්දුවනු ඇති බව වාර්තා වේ.

මාර්තු 3 වනදා දක්වා මෙරට රැඳීසිටින ඔහු යාපනය ඇතුළු උතුරු ප‍්‍රදේශයේ සංචාරයකට සහභාගීවීමට නියමිතය.

ජනාධිපතිවරයා, අග‍්‍රමාත්‍යවරයා ඇතුළු නියෝජිතයින් මෙන්ම සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන් සමගද සාකච්ඡා කිරීමට ජෙෆ්රී මහතා සූදානමින් සිටී.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us