subash
ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට එරෙහිව අල්ලස් කොමිසම වෙත අද (02) පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව සමස්ත ලංකා සුවසේවා සංගමය පවසයි. පසුගිය වසර කිහිපය තුළ ජයවර්ධනපුර රෝහලේ මෙම අක‍්‍රමිකතා සිදුව ඇති බව එහි සභාපති සමන්ත කෝරලේ ආරච්චි මහතා ප‍්‍රකාශ කලේය.
පසුගිය සිකුරාදා රුසියාවේ හිටපු උප අගමැතිවරයෙක් වූ බෝරිස් නෙම්ට්සොව් සාහසික වෙඩි ප්‍රහාරයකින් මිය ගියා. ජනාධිපති පුටින් මෙන් ම රුසියාවේ අනුග්‍රහය ලබන යුක්‍රේන රුසියා හිතවාදී බෙදුම්වාදීන්ගේ ක්‍රියාකලාපය ඔහු මෑත දී දැඩි විවේචනයට ලක්කර තිබේ.
හිටපු ජනාධිපතිවරයා අගමැතිකම බලාගෙන මැතිවරණයට ඉදිරිපත්වීමට සැරසෙන්නේ රෙදි ඇඳගෙනදැයි යනුවෙන් ප්‍රශ්න කිරීමට තමන්ට සිදුවන්නේ යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ලිප මොළවල තැටිය රත්කරල දුන්නේ ගිනි තපින්න නොවේ,රොටිය පුච්ච ගන්න - සෝභිත හිමි
රටේ දූෂණය නාස්‌තිය නැති කිsරීම සඳහා පොදු අපේක්‍ෂකයා නමැති තැටිය හදලා දුම් පිඹලා රත් කරලා දුන්නේ රොටිය පුච්චන්නයි. දැන් ගිනි තපිනවා. අපි බලය දුන්නේ ගිනි තපින්න නොවේ, යයි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.
ගෙයි ගින්දර පිටට නොදෙන ලෙසත්, පිට ගින්දරට ගෙදරට නොගෙනෙන ලෙසත් වශයෙන් දෙන අවවාදයක් අපේ ජනවහරේ ඇත. එහෙත් නිවසේ ම වෙසෙන සොහොයුරකු විසින් එම නිවසේ ම වෙසෙන සොහොයුරියක දූෂණය කරයී නම් ඉහත අවවාදය පිටුදකින්ට සිදු වීම අරුමයක් නොවේ.
දූෂිතයන් බේරගන්න ශ්රීලනීපයේ ඇතැමුන් උත්සහ කරනවා - රනිල්
පසුගිය ආණ්ඩුවේ දූෂණ සහ වංචා විභාග කිරීම වැළැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් ප්‍රධානීන්ට අවශ්‍යව තිබෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ චෝදනා කරයි.
ඔය කොනේම, ඉඳන් ඉන්න කෙනාගේ ෆොටෝ ගන්න එපා..
ගත්තට වැඩක් නැහැ. කැමරාවට අහුවෙන්නේ නැහැ. එයාගේ ෆොටෝ..ලක්ෂ්මන්(ලක්ෂ්මන් වෙත්තමුණි) පුංචි මඩක් ගහන්න ගත්තා.
විධායක ජනපති ක්‍රමය අහෝසි කළහොත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක අගමැති ලෙස ලබන ඡන්දයට ඉදිරිපත් කළ යුතු යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
මහින්ද රෙජීමය රටට කළ විනාශය දැකීමට නොහැකි වූයේ රටෙහි සුළුතරයට බව ජනාවාරි 09 වනදා උදය වන විට පැහැදිලිව පෙනෙන්නට තිබුණි. මහින්ද කල්ලිය රාජ්‍ය දේපළ සහ බලය අන්ත දූෂිත අන්දමින් නීතිවිරෝධී ආකාරයෙන් යොදා ගනිමින් දියත් කළ ජනාධිපතිවරණය, ඔවුන්ගේ මේ සියළු අයථා බලපෑම් මැර බල යොදාවත් ඔවුනට ජයගැනීමට නොහැකි වූයේ ලංකාවේ ජනගහනයෙන් වැඩි දෙනෙකු ඒ ජඩ, මජර, දූෂිත බලය ප්‍රතික්ෂේප කළ බැවිනි.
කල් තියා දැන සිටි දෙයක්: සම්පන්දන් සහ අමිර්තලිංගම්
එස්. රත්නජීවන් හූල් -
දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන් ද ඇතුළු පිරිසක් පසුගිය දා, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන්ගේ පඹයෙකු යාපනේදී ගිනි තැබීමේ සිද්ධිය තුළින්, කල් තියා දැන සිටි යමක් පිළිබඳ හැඟීමක් මා තුළ ඇති විය. එම පක්ෂයේ නායක ආර්. සම්පන්දන් සහ එම්. ඒ. සුමන්දිරන් මෑතකදී පැවති නිදහස් දින සමරු උළෙලට සහභාගී වීම ඔවුන් ගත් නිර්භය පියවරකි. එය, 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කරගත් දා සිට දෙමළ ප‍්‍රධාන ප‍්‍රවාහයේ දේශපාලනික නායකත්වය රජයේ නිදහස් උළෙලකට සහභාගී වූ ප‍්‍රථම අවස්ථාවයි. එතෙක් සෝල්බරි ව්‍යවස්ථාවේ 29 (2) වගන්තිය යටතේ මේ රටේ සුළු ජාතීන් සඳහා තිබූ ආරක්ෂණය 1972 ජනරජ ව්‍යවස්ථාව මගින් අහෝසි කිරීම හේතුවෙන් එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට තමන් ඡන්දය පාවිච්චි නොකළ නිසා ඒ යටතේ පැවැත්වෙන නිදහස් උළෙලකට සහභාගී නොවිය යුතුය යන්න බොහෝ දෙමළ ජාතිකයන්ගේ මතය විය.
