ශ්‍රීලනීපයේ අගමැති අපේක්ෂකයා මෛත්‍රී ! - රාජිත

Published in පුවත්
Sunday, 01 March 2015 20:43

විධායක ජනපති ක්‍රමය අහෝසි කළහොත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක අගමැති ලෙස ලබන ඡන්දයට ඉදිරිපත් කළ යුතු යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

එමෙන්ම විධායක බලය නැති කළහොත් ජනපතිකමින් ප්‍රයෝජනයක් නැතැයිද එවිට ජනාධිපති නාමික ජනපතිවරයෙක් වන්නේ යැයිද රාජිත සේනාරත්න මහතා වඩිදුරටත් සඳහන් කරයි.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව දැන්වීම සඳහා පැවති පළමු මාධ්‍ය සාකච්ඡාවේදීද ඉදිරියෙන්ම සිට කටයුතු කළ රාජිත සේනාරත්න මහතා පුන පුනා පැවසූවේ විධායක ජනාධිපති යනු විස දළ සහිත සර්පයෙකු බවයි. තවත් විටෙක ඔහු පැවසූවේ විධායක පුටුවේ වාඩිවන ඕනෑම පුද්ගලයෙකු භයානක යක්ෂයෙකු වන බවයි.

එම නිසා මෛත්‍රීපාල සිරිසේන මහතා වැනි ඉතා නිහතමානී ජනාධිපතිවරයෙකු යටතේ මෙම විධායකයේ බලතල අඩුකරන බවත් එය මුළුමනින්ම අහෝසි කර දැමීම තම අපේක්ෂාව බවත් ඔහු පොදු අපේක්ෂක වේදිකාවේ සිට ජන රැලිවලදී පැවසීය.

කෙසේ නමුත් රාජිත සේනාරත්න ඇමතිවරයා දැන් පවසන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන් ලක්ෂ 62ක් ජනතාව එතුමා කිසිදු බලයක් නැති පුද්ගලයකු වනු දකින්නට අකමැති බවය.

 

-nowshowing

Last modified on Sunday, 01 March 2015 20:44

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us