ශ්‍රීලනිප මැයි රැලියට පිට්‌ටනියක්‌ නැහැ. කැම්බල් එජාපය ගනී.

Published in පුවත්
Sunday, 01 March 2015 10:58

මෙවර මැයි දිනය මහත් ඉහළින් පැවැත්වීමට ප්‍රධාන දේශපාලන පක්‍ෂ කටයුතු කරගෙන යන නමුත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට මැයි දින රැලිය පැවැත්වීමට තවමත් පිට්‌ටනියක්‌ ලැබී නැතැයි එම පක්‍ෂයේ පාලක ලේකම් එස්‌. එච්. ආරියසේන මහතා පැවැසීය.

කොළඹ නගරයේ හා අවට මැයි දින රැලි හා පෙළපාලි පැවැත්වෙන ස්‌ථාන ඒ ඒ දේශපාලන පක්‍ෂ වලට හා වෘත්තීය සමිතිවලට වෙන්කර දීම සඳහා පසුගිය බ්‍රහස්‌පතින්දා නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී මතුරට මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති

රැස්‌වීමේදී ශ්‍රීලනිපයට හැර අනිකුත් පක්‍ෂවලට ස්‌ථාන වෙන් කොට දී තිබේ.

පසුගිය වසරේ ශ්‍රීලනිප ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මැයි රැලිය බොරැල්ල කැම්බල් පිටියේ පවත්වනු ලැබූ නමුත් මෙවර එය එක්‌සත් ජාතික පක්‍ෂයේ මැයි රැලිය සඳහා ලබා දී ඇත.

ඒ අනුව එජාප මැයි පෙළපාලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වන අතර රැලිය කැම්බල් පිටියේ පැවැත්වෙනු ඇත.

ශ්‍රීලනිප මැයි රැලිය හා පෙළපාලිය සඳහා ස්‌ථාන ලබා ගැනීම පිළිබඳව පක්‍ෂයේ සභාපති වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව ද ආරියසේන මහතා කීය.

මේ අතර නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී මතුරට මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 26 දා පැවැති

රැස්‌වීමේදී ඒ ඒ පක්‍ෂවලට මැයි රැලි හා පෙළපාලි සඳහා වෙන් කොට දී ඇති ස්‌ථාන මෙසේය.

සමසමාජ හා කොමියුනිස්‌ට්‌ පක්‍ෂ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ, ශ්‍රී ලංකා මහජන පක්‍ෂය සහ දේශ විමුක්‌ති ජනතා පක්‍ෂය විසින් පිහිටුවා ගෙන ඇති සමාජවාදී ජනතා පෙරමුණේ පෙළපාලිය නාරාහේන්පිට ශාලිකා ශාලාව අසලින් ආරම්භ වන අතර රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් පිටියේදී පැවැත්වේ.

ජනතා විමුක්‌ති පෙරමුණේ මැයි පෙළපාලිය දෙහිවල සතුන් වත්ත අසල පිටියකින් ආරම්භ වී කළුබෝවිල සරණංකර මාවත ඔස්‌සේ පාමංකඩට පැමිණීමෙන් පසු රැලිය බී. ආර්.සී. පිටියේදී පැවැත්වේ.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ මැයි පෙළපාලිය බොරැල්ල හන්දිය අසලින් ඇරැඹෙන අතර, රැලිය නාරාහේන්පිට ශාලිකා පිටියේදී පැවැත්වේ.

විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස්‌ පෙරමුණේ හා ජාතික හෙළ උරුමය මෙවර මැයි රැලි සඳහා අවසර ඉල්ලා නොමැති බව ද දැන ගන්නට ඇත.

තවත් වෘත්තීය සමිති ගණනාවකට ද මෙහිදී මැයි රැලි හා පෙළපාලි සඳහා ස්‌ථාන වෙන් කර දී තිබේ.


- දිවයින ඉරිදා සංග්‍රහය

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us