දූෂිතයන් බේරගන්න ශ්‍රීලනීපයේ ඇතැමුන් උත්සහ කරනවා - රනිල්

Published in පුවත්
Monday, 02 March 2015 08:08

පසුගිය ආණ්ඩුවේ දූෂණ සහ වංචා විභාග කිරීම වැළැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් ප්‍රධානීන්ට අවශ්‍යව තිබෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ චෝදනා කරයි.

සන්ධානයේ බොහෝ දෙනාට දූෂණ හා වංචා චෝදනා එල්ල වී තිබෙන බැවින් ඔවුන් සිය ආණ්ඩුව පෙරලා දැමීමට උත්සාහ දරමින් සිටින බවයි අගමැතිවරයා පවසන්නේ.


අගමැති රනිල් වික්‍රමසිංහ එම චෝදනාව එල්ල කළේ නුවරඑලියේ දී ප්‍රසිද්ධ රැස්වීමක් අමතමින්.

එබැවින් ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් දූෂිතයන් පාර්ලිමේන්තුවෙන් පලවා හරිමින් දූෂණයට සහ වංචාවලට එරෙහිව නිසි පියවර ගැනීම පිණිස දින සියයෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්‍යවශ්‍ය බව අගමැතිවරයා අවධාරණය කළේය.


පුද්ගලිකව දොස්

පසුගිය පරිපාලනය සමයේ ප්‍රබල දූෂණ වංචා සිදු කළ බවට චෝදනා ලැබූවන්ට එරෙහිව පියවර නොගන්නේ මන්දැයි ජනතාව ප්‍රශ්න කරන බව අගමැතිවරයා පිළිගත්තේය.


ඒ පිළිබඳව ඇතැමුන් තමන්ට පුද්ගලිකව දොස් නගන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

‘සමහරු මට බනිනවා. තමුන්නාන්සේත් ඩීල් එකක් දාල ද කියල මගෙන් අහනවා. අපි වේදිකාවේ චෝදනා කළා කියල මේ අයව කූඩුවට දානවනම් අපිත් රාජපක්‍ෂ රෙජීමය ගිය පාරේ යන්නේ.’ අගමැතිවරයා පැවසීය.

 

රටින් පිට කළ වත්කම්


ශ්‍රී ලංකාව තුළ පවතින වත්කම් පමණක් නොව රටින් පිට කරන ලද වත්කම් සම්බන්ධයෙන් ද පරීක්ෂා කිරීම පිණිස දැනටමත් ජාත්‍යන්තර සහාය පතා තිබෙන බවත් අගමැතිවරයා කියා සිටියේය.

කෙසේ නමුත් දින සියයට පෙරාතුව ඒ මූලික ක්‍රියාදාමය අවසන් කරන බවට ප්‍රතිඥා දුන් අගමැති රනිල් වික්‍රමසිංහ, දූෂණ වංචා පිළිබඳව තවමත් තොරතුරු ලබා නොදුන් ඇතැම් අමාත්‍යංශ පිළිබඳව ද සොයා බලන බවත් සඳහන් කළේය.

bbc

Last modified on Monday, 02 March 2015 08:26

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us