රුසියානු විපක්ෂ නායකයා වෙඩි ප්‍රහාරයකින් මරුට

Published in විදෙස්
Saturday, 28 February 2015 11:34

රුසියානු විපක්ෂ නායක බොරිස් නෙම්ස්ටෝව් (Boris Nemstov) ඊයේ රාත්‍රියේ මධ්‍යම මොස්කව් නුවරදී නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක් වී තිබේ.

1990 දශකයේ අග භාගයේ ජනපති බොරිස් යෙල්ට්සින් යටතේ උප අග්‍රාමාත්‍ය තනතුර හෙබවූ නෙම්ස්ටෝව් වත්මන් ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රධාන විවේචකයන්ගෙන් කෙනෙකි.

එසේම ඔහු යුක්රේනයේ පවතින ගැටුම් වලට විරෝධය දැක්වීම සඳහා එකතුවන ලෙස ඉල්ලීමක් සිදු කර පැයක් ඇතුලත මේ ඝාතනය සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

ජනපති පුටින් සිද්ධිය සම්බන්ධයෙන් තම ශෝකය නෙම්ස්ටෝව් පවුල වෙත ප්‍රකාශ කර ඇති අතර මෙම අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පර්යේෂණ ආයතන තුනක් වෙත  නියෝග නිකුත් කර ඇති බව ද වාර්තා වේ.

Last modified on Saturday, 28 February 2015 11:35

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us